මුදල්, ආර්ථික, සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක, අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කේ.එම් මහින්ද සිරිවර්ධන මහතා අද (25) නැවත එම ධූරයේ වැඩ භාරගත්තේය.
ඔහු එම අමාත්‍යංශවල හිටපු ලේකම්වරයාද වෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සදහා මහින්ද සිරිවර්ධන මහතා සුවිශේෂ දායකත්වයක් ලබාදී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, භූතානය සදහා විකල්ප විධායක අධ්යක්ෂවරයා ලෙස ඔහු කලක් කටයුතු කර තිබේ.