අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අතර ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තුව මහ මැතිවරණය 2024 නොවැම්බර් 14 දින පැවැත්වීමට නියමිතය.
නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් 04 සිට 11 දක්වා සිදුකෙරෙන බව අදාල ගැසට් නිවේදනයේ සදහන් වෙයි.
නව පාර්ලිමේන්තු සැසිවාරය නොවැම්බර් 21 දා පැවැත්වීමට නියමිතව ඇත.