මෙලෝ ප්‍රමිතියකට නැති ආනයනික ආහාර ගබඩා 4ක් පාරිභෝගික අධිකාරිය සීල් තබයි.

කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් සහ වෙළද ආයතන සදහා ආහාර ද්‍රව්‍ය තොග සැපයුම්කරුවෙකුට අයත් නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි ගබඩා 4ක් පාරිභෝගික අධිකාරිය විසින් ඊයේ(ජුනි 03) සම්පූර්ණ මුද්‍රා තබන ලදී.

පාරිභෝගික් අධිකාරියේ නිලධාරින් විසින් සිදුකල විමර්ෂණයකට අනුව මිනිස් පරිභෝජනය සදහා නුසුදුසු තත්ත්වයේ තිබූ ආහාරද්‍රව්‍ය විශාල තොගයක් මෙම ගබඩාවල තිබියදී සොයාගෙන ඇති අතර එම භාණ්ඩ තොගයේ චීස් බටර් ඇතුලු කිරි නිෂ්පාදන, චොක්ලට් සහ කෙකෝවා කුඩු, වියලි සහ අමු පලතුරු, එළවළු, වර්ග මෙන්ම බේකරි නිෂ්පාදන අමුද්‍රව්‍ය ආදී දේ මෙහි ඇතුලත් විය.

අදාල භාණ්ඩ තොගයේ ඇසුරුම්වල ආනයනකරු පිලිබදව කිසිදු සදහනක් නොමැතිවීම මෙන්ම මුල් ඇසුරුම්වල නිෂ්පාදන දිනය සහ කල් ඉකුත්වන දිනය ආදී අත්‍යවශ්‍ය තොරතුරුකිසිවක ඇතුලත් නොවීම මෙන්ම මෙම ආහාර ද්‍රව්‍ය ප්‍රති ඇසුරුම්කිරීමේ කටයුක්තක්ද මෙම ස්ථානයේ පවත්වාගෙන ගොස් ඇත.

මෙම ආහාර ද්‍රව්‍ය පරිභෝජනය නිසා ජනතාවගේ සෞඛ්‍ය දැඩි අවධානමක් එල්ල විය හැකි බැවින් මෙවැනි නීතිමය පියවරක් ගත් බව අධාල නිලධාරින් සදහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *