මහා ශිව රාත්‍රී දිනය අදයි.

ලොවපුරා හින්දු භක්තිකයන් මහත් භක්තියෙන් සමරණ මහාශිව රාත්‍රී දිනය (15) අදට යෙදී ඇත.

හින්දු භක්තිකයන් ආගමානුකූල කටයුතුවලට මුල්තැන දෙමින් ගතකරන අද දිනයේ මූලික වශයෙන් ශිව දෙවියන්ට යාඥා කිරීම, ශිව දෙවියන්ට ගෞරවයක් ලෙස නිරාහාරව ගත කිරීම, අවංක සිතින් කටයුතු කිරීම, වැරදි සදහා සමාව දීම, ශිව දෙවියන් සොයා යාම, ආචාර ධර්ම සහ ගුණධර්ම මෙනෙහි කිරීම, ආදී දේ සිදුකරයි.

දැඩි හින්දු ආගමික භක්තිකයන් අද මුළු දවස පුරා ශිව දෙවියන් සිහිකරමින් නිරාහරව සහ නිදිවර්ජිතව ගත කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *