ජාත්‍යන්තර වෙළදපල ජයගැනීමට සමත් විශේෂඥ ව්‍යාපාරික දැණුම සහ නිර්මාණශීලී හැකියාව අපේ අපනයන කරුවන්ට නිතැතින්ම උරුම වී ඇති බවත් ඔවුන් අපේ ආර්ථිකයේ බර දරන ශක්තිමත්ම කුලුනක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්යය හරිනි අමරසූරිය මෙනවිය අනාවරණය කළාය.
එසේම ජාත්‍යන්තර වෙළද ප්‍රවාහය තුල ඔවුන් මුහුණ දී ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය මැදිහත්වීම් රජය විසින් සිදුකරන බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය” අපනයනකරුවන් ජාත්‍යන්තරව මෙන්ම රට අභ්‍යන්තරයේද විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදු වෙනවා එම නිසා රජයක් විදිහට අවශ්‍ය තැන්වලදී අවශ්‍ය මැදිහත්වීම් සිදුකරවා මෙහිදී වෙළද සැපයුම් ,රේගු කටයුතු, ආයෝජන අනුමත කිරීම සහ කාර්යක්ෂම කිරීම, අපනයන පහසුකම් වැඩි දියුණු කිරීම”.
එසේම රජයේ ශක්තිමත් මූල්‍ය කළමනාකරණය, පුරෝකතනය කළ හැකි ප්‍රතිපත්ති, පැහැදිලි සහ සරල වෙළද රෙගුලාසි, ප්‍රධාන ආයතන හරහා සිදුකරණ නව ප්‍රතිසංස්කරණ, වැනි කටයතු මෙන්ම ව්‍යාපාරවලට ඉදිරි සැලසුම් කළ හැකි ආයෝජකයන්ට විශ්වාසය ඇතිවන අනවශ්‍ය බාධා අවම වන පෙෘද්ගලික අංශයත් සංවර්ධනයට මග පාදන ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වෙමින් සිටින බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය.
හදිසි ආපදාවන් නිසා අපනයනකරුවන්ට සිදුවූ හානිය තක්සේරු කිරීමටත් මෙහෙයුම් යථා තත්ත්වයට පත්කිරීමටත් යලි නැගීසිටීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට රජය කැපවී සිටින බවද ඇය පැවසුවාය.
ස්වභාවික ආපදාවන්ට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට සහ යලි එවැනි තත්ත්වයක් ඇතිවීමේ අවධානම අවම වන පරිදි හානියට පත් ප්‍රදේශ නැවත ගොඩ නැගීම සදහා රජය අවශ්‍ය පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය.
පෙරේදා (11) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවැති කර්මාන්ත සහ ව්‍යාවසායකත්ව සංවර්ධන අමාතංශය, අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 27 වැනි ජනාධිපති සම්මාන උත්සවය 2024/25, ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අගාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
2024/25 මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොදම අපනයනකරුවන් ඇගයීම සදහා පැවැත්වූ මෙම උත්සවයේදී සමස්ත සම්මාන 15 ක් සහ නිෂ්පාදන සහ ආංශික සේවා 92ක් ඇතුලු සම්මාන 107ක් පිරිනැමීම සිදුකෙරිණි.
එසේම අයදුම්කරුවන්ගේ කාර්ය සාධනය ජාතික ආර්ථිකයට අදාල අංශවල අපනයන දායකත්වය මත සුදුසුකම්ලත් අංශ සදහා කුසලතා සම්මාන පිරිනැමීමද සිදුවිය.
අපනයන වෙළදපල විවිධාංගිකරණය, රැකියා උත්පාදනය, අපනයන ආධායමේ වර්ධනය, අපනයන ආධායම ආපසු රටතුලට ගෙන්වා ගැනීම, පාරිසරික තිරසාරභාවය, ආයතනයික සමාජ වගකීම, අගය එකතුකිරීම ඇතුලු නිර්ණායක කිහිපයක් මත පදනම්ව මෙම සම්මාන ලබාදීම සිදුකෙරිණි.
අපනයන ක්ෂේත්‍රයේ ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ ආයතන සදහා වසරේ විශිෂ්ඨතම ජනාධිපති සම්මාන ප්‍රධානය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ කර්මාණ්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
අපරටේ ජනතාවගේ ශක්තිය සහ ධෛර්යය සාමාන්‍යය අවස්ථාවේදී සාමාන්‍ය ලෙසත් විශේෂ අවස්ථාවේදී විශේෂ ලෙසත් යොදාගනිමින් ජාතික ව්‍යවසනයන්හිදී ඉතා සාර්ථකව මුහණ දුන් බවත් සුනාමිය, කොවිඩ් උවදුර, යුද්ධය වැනි අවස්ථා මේ සදහා හොදම නිදසුන් බවත් මේ වනවිට අප රට පත්ව ඇති දරුණු ව්‍යවසනයෙන් ගොඩ ඒමටද එම ශක්තිය සහ ධෛර්යය උපයෝගිකර ගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් රට ඇතුලුත කුමන ගැටලු පැවැතියද මේ අවස්ථාවේ සියලු දෙනා එකාවන්ව නැගී සිට රට ගොඩනැගීමට උරදෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා මෙහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාව සදහා අමාත්‍යවරුන් වන කුමාර ජයකොඩි, රාමලිංගම් චන්ද්‍රසේකරම්, සුනිල් කුමාර ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අභයසිංහ, එරංග වීරරත්න, අරුණ හේමචන්ද්‍ර,නිශාන්ත ජයවීර, මුදිත හංසක විජයමුණි. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යයේ ලේකම් තිලකා ජයසුන්දර, අපනයන සංවර්ධන මන්ඩලයේ සභාපති මංගල විජේසංහ යන මහත්ම මහත්මීන් සහ තානාපතිවරුන් විදේශ නියෝජිතයන් අපනයනකරුවන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.


