වැසි සහ ගංවතුර හේතුවෙන් තෙතබරිත වූ මුදල් නෝට්ටු භාවිතාකරන ආකාරය පිළිබදව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර ඇත.
ඒ අනුව තෙත්වූ මුදල්නෝට්ටු ප්‍රවේශමෙන් වෙන්කළ යුතු බවත් එසේම ඒවා අධික තාපයකට නිරාවරණය කිරීම (ඉස්ත්‍රික්කයක් භාවිතයෙන් මැදීම හෝ ගිනි උදුන් මත තැබීම ආදී දේ) රසායනික ද්‍රව්‍ය යෙදීම සිදුනොකරන ලෙසත් ඒවා ස්වභාවිකවම වියලීමට ඉඩ සලසන ලෙසත් මහ බැංකුව ජනතාවට දැනුම් දෙයි.
කෙසේවුවද පරිහරණයට නුසුදුසු මුදල් නෝට්ටු සදහා නව මුදල් නෝට්ටු ලබාගැනීමට රටපුරා පිහිටි ඕනෑම වාණිජ බැංකු මගින් සිදුකරණ බවද මහ බැංකුව ප්‍රකාශ කරයි.