අපනයන වෙළදපොල ශ්‍රී ලංකා ආර්ථිකයේ අති දැවැන්තයකු බවට පත්කිරීමේ අඩිතාලම මේ වනවිට සකස්කර ඇති බවත් 2030 වර්ෂයේදී අපනයන වෙළදාම තුලින් ඇ.ඩොලර් බිලියන 36ක ආධායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසංහ මහතා අවධාරණය කළේය.
එසේම මෙම දැක්ම යථාර්ථය මත පදනම් වූවක් බවත් ගමන කෙතරම් දුෂ්කර වුවත් ඒ සදහා වූ තිරසාර සහ සදාචාරාත්මක වැඩපිළවෙළ සහ කැපවීම, නව ගෝලීය වෙළදපොලේ උපායමාර්ගික වාසිය සහ ශ්‍රීලංකාව කලාපීය වටිනාකම් දාම කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම ආදී හේතු සාධකද මූලික වන බවද ඔහු සදහන් කළේය.
මංගල විජේසිංහ මහතා මේ බව සදහන් කළේ පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රන ශාලාවේ පැවැති කර්මාණ්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය, අපනයන සංවර්ධන මණ්ලය සංවිධානය කළ 27 වැනි ජනාධිපති සම්මාන උත්සවය 2024/25 දීය.