2026 පළමු දා ලොව වටා වටයක්

මුවග සිනහව මෙන්ම සුසුමද එක්කරමින් ගෙවී ගිය දින 365 ක කාලය මේ වනවිට ලොව බොහෝ දෙනෙකුගේ අතීත මතකයක් පමණි. තවත් පිරිසක් එහි අවසන් හෝරාවන් ගත කරමින් සිටිති.

කෙසේ වුවද 2025 වසරට වඩා සුබදායක 2026 වසර පිලිබදව ලොව සියලු ජනතාවගේ අපේක්ෂාවයි. පසුගිය වසර තුල සිහිනයක් වූ බොහෝ පාර්ථනාවන්ට නැවත පණ දෙනුයේ  2026 දී වීම ඊට හේතුවයි.

මෙම පාර්ථනාවන් බලාපොරොත්තු සමගින් ලොව පළමුව නව අවුරුදු උදාවූයේ කිරිබති ඇතුලු ෆැසිපික් සාගර දූපත් වාසීන්යටය. ශ්‍රීලංකාවට වඩා පැය 6.30 ක් ඉදිරියෙන් සිටින ඔවුන් නව වසරේ අසිරිය පිලිගැනීමට සාම්ප්‍රදායික සිරිත් විරිත් යොදාගත් අතර විවිධ සැණකෙලි පැවැත්වීමද සිදුකළහ.

නවසීලන්තයද ලොව පළමුව නව වසර උදාවූ රටවල් අතරට අයත් විය ඉතා මනරම් සැණකෙළි පවතත්වමින් ඔවුන් ඒ අසිරිය සැමරූහ.

ලොව පළමුව නව වසර උදාවූ  මහද්වීපය ඕස්ට්‍රේලියාවයි. වර්ණවත් සැණකෙළිවලින් විසිතුරු මල්වෙඩි සංදර්ශන පවත්වමින් ඔවුන් නව වසර පිලිගතේ මහත් ප්‍රීතියෙනි.

2026 වසර උදාවූ පළමු ආසියානු රට ජපානයයි. ඔවුන් නව වසර උදාව පිලිගැනීමට පාරම්පරික සිරිත්විරිත් මෙන්ම නූතන තාක්ෂණයේ විශ්මයන්ද එක්කරගෙන තිබිනි. නව වසර උදාවත් සමග ජපානයේ විහාරස්ථාන වල ගණ්ඨාරය 108 වරක්  නොනවත්වාම නාද කිරීමද අසන්නට ලැබීමද මෙහිදී ඉතා සුන්දර බිණි.

රට පුරා ගිගුම් දුන් රතිඤ්ඤා හඩ මෙන්ම මල් වෙඩි සමග ශ්‍රී ලාංකික ජනතාව නව වසරේ අසිරිය පිලිගත්හ. ආගමික වතාවත් සිදුකරමින් නව වසරට ආශිර්වාද කිරීම මෙන්ම කිරි ඉතිරවීම කිරිබත් පිළියෙළ කිරීම වසරේ පළමුදා ශ්‍රී ලාංකික ජනතාව සිදුකරන වි‍ශේෂ අංගයන් අතරට අයත් විණි.

අදුරු මහද්වීපයට  සොදුරු වසරක මග එලි කරමින් අප්‍රිකාවේ පිහිටි එරික්ට්‍රියාව පළමුව නව වසර උදාවන අප්‍රිකානු රට ලෙස පිලිගැනේ. ඔවුන් එම සුවිශේෂී දිනය සැමරීමට විවිධ චාරිත්‍ර ඉටුකිරීමට මෙන්ම විසිතුරු සංදර්ශන සදහා සූදානම්ව සිටිති.

එය එසේවුවද අප්‍රිකානු මහද්වීපයේ ඉතියෝපියාවට 2025 උදාවීමට තව බොහෝ කාලයක් බලාසිටීමට සිදුවනු ඇත. මාසයට දින 31 ක් ඇති ඔවුන්ගේ දින දර්ශනයට අනුව තවමත් ඔවුන් පසුවන්නේ 2019 වීම එයට හේතුවයි.

සීතල යුරෝපය යුද්ධයෙන් උණුසුම් කළ රුසියාවේ මොස්කව් නගරයට පළමු නව වසරඋදාවන යුරෝපීය රාජ්‍යයයි..තවමත් පහව නොගිය යුද්ධයේ සෙවණැලි දකිමින් ඔවුන් නව වසරේ අසිරිය විද ගැනීම සදහා විසිතුරු සැණකෙළි සූදානම් කර ඇත.ගිනි අවි  මෙන්ම ගිනි කෙළිද  ඔවුන්තේ දෑතේ ට රැදෙන බව ඔවුන් අද ලෝකයට පසක් කරණු ඇත.

දකුණු ඇමරිකානු මහද්වීපයේ පළමු නව වසරේ පහස විඳ ගනුයේ බ්‍රසීලයයි.විවිධ උත්සව වලට අමතරව දකුණු ඇමරිකානු රටවල් නව වසර පිලිගැනීමට ඉතා සුවිශේෂී චාරිත්‍රයක්ද අත්විදිති. මිදි ගෙඩි 12 තමා සන්තකයේ තබා ගනිමින් නව වසර උදාවත් සමගම ඔවුන් ඒ වා එකින් එක අනුභව කරති.

උතුරු ඇමරිකාවේ කැනඩාවාසීන්ට පළමුව නව වසරේ අසිරිය විඳ ගැනීමේ සුවිශේෂ අවස්ථාව හිමිවන අතර ඔවුන් ඒ සදහා මහත් සැණකෙළි සූදානම් කරමින් සිටිති.

කෙසේවුවද නව අවුරුදු උදාව අවසානයේ අත් විඳීමට සිදුවන්නේ සමෝවා දූපත් වාසීන්ටය නව වසර උදාවී පැය 22ක කාලයක් ගත වෙනතෙක්ම ඔවුන්ට ඒ අසිරිය අත්විදීමට බලාසිටීමට සිදුවන අතර සම්ප්‍රධායික ගිනිකෙළි සංදර්ශන පවත්වමින් ඔවුන් නව වසර පිලිගැනීමට බලා පොරොත්තුව සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *