ජනාධිපතිවරණයට අදාල සියලුම ප්රචාරක කටයුතු 18 දා මධ්‍යම රාත්‍රි 12 ට අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂවරයා දැනුම් දෙයි.
සැප්තැම්බර් 21 පෙරවරු 7.00 සිට ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ කෙරෙන අතර එය එදින පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බවත් රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,417 ක්‍රියාත්වක බවත් හෙතෙම පැවසීය
නිළ ඡන්ද පත්‍රිකා නොලත් ඡන්ද දායකයින් අදාල ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් තැපැල් ස්ථානාධිපතිවරයාගෙන් ඒ පිලිබදව විමසීමක් කල හැකි බවත් නැතහොත් අදාල ඡන්ද මධ්‍යස්ථානයට හැදුනුම්පත ඉදිරිපත් කිරීමෙන් ඡන්ද පත්‍රිකාවේ නම ඇතුලත්ව ඇතිනම් ඡන්දය ප්‍රකාශකළ හැකි බවත් මැතිවරණ කොමිසම සදහන් කරයි.