16 වැනි විරු සැමරුම අදයි.

රුදුරු ත්‍රස්තවාදයෙන් මව්බිම ගලවා ගැනීම සදහා ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුනු රණවිරුවන්ට උපහාර පිදෙන 16 වැනි විරු සැමරුම අද  (19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල පැවැත්වෙයි.

ඒ සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රදානත්වයෙනි.

එහිදී යුධ මෙහෙයුම් වලදී සටන් බිම නායකත්වය ලබා දුන් ෆ්ලීඩ් මාෂල් සරත් ‍ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ, මාෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක යන සේනාධිපතිවරු ද මේ සදහා සහභාගිවීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි‍.

මේ අතර  උත්සවය පැවැත්වෙන බත්තරමුල්ල  රණවිරු ස්මාරකය අවට ප්‍රදේශ අද විශේෂ රථවාහන සැලැස්මක් කියාත්මක කෙරෙන බව පොලීසිය සදහන් කරයි.