10 වැනි පාර්ලිමේන්තුවේ කතානායකගේ කතාව

ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස මහාචාර්ය අශෝක රංවල මහතා ඒකමතික යෝජනා ස්ථීරත්වයෙන් පත්කර ගැනිණි

ඒ අද (21) පෙරවරුවේ පැවැති පාර්ලිමේන්තු මංගල සැසිවාරයේදී ය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් අශෝක රංවල මහතාගේ නම යෝජනා කළ අතර විජිත හේරත් මහතා විසින් එය ස්ථීර කරනු ලැබිණි.

අශෝක රංවල මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට මුල් වරට තේරී පත්වූ මන්ත්‍රී වරයෙකු වන අතර මීට පෙර දෙවතාවකදී බස්නාහිර පළාත් සභාවේ මෙන්ම බියගම පළාත් සභාවේ  මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වූ අයෙකි.

ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්‍ජිනේරුවරයෙකු ලෙස පළමු උපාධිය සම්පූර්ණ කර ඇති අතර ජපානයේ wasde විශ්ව විශ්ව විද්‍යාලයේ ජෛව රායන විද්‍යාව පිලිබද ආචාර්ය උපාධිධාරියෙක්ද වෙයි.

යෞවන වියේදීම ජවිපෙ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි හෙතෙම 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *