සහල්, පොල් මෙන් ඉදිරියේදි අප රටට මාළු ත් ආනයනය කිරීමට සිදුවන බවත් එසේ වීමට හේතුව ශ්‍රී ලංකාවෙන් අපනයන කිරීමට අවශ්‍ය මාළුන් ප්‍රමාණය නියමිත ප්‍රමිතියෙන් නිෂ්පාදනය නොවීම බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා අවදාරණය කළේය.
පසුගිය වසර 70 ක් තිස්සේ මෙරට නිෂ්පාදන ආර්ථිකය බිඳවැටී ඇති බවත් අමාත්‍යවරයා කීය.
ප්‍රතිපත්තිමය වශයෙන් රටේ නිෂ්පාදන ආර්ථිකය බිඳ වට්ටවා එසේ බිඳ වැට්ටවූ පිරිස ම දැන් තමාට විවේචන එල්ල කිරීමෙන් පලක් නොවන බවද හෙතෙම පැවසීය.
අපේ රටේ නිෂ්පාදන සන්නාමය (made in sri lanka) ලෝකයේ තරගකාරී වෙළද පල තුල කෙතරම් දුරට සමත්වේද යන්න තීරනය වන්නේ එහි ප්‍රමාණාත්මක භාවය මත නොව ගුණාත්මකභාවය මත බවත් කුමන අනන්‍යතාවය යටතේ අපේ භාණ්ඩ සහ සේවා සැපයීම වෙනස් විය යුතුද යන්න තීරණය කළ යුතු බවත් අමාත්‍යවරයා අවදාරණය කළේය.
ඊයේ (25) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රන ශාලාවේ පැවති ශ්‍රී ලංකා නිෂ්පාදන සන්නාමය (made in sri lanka) ප්රදානය කිරීමේ උත්සවයේදී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවූ අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව කීය.
දේශීය භෘණ්ඩවල ගුණාත්මකභාවය ඉස්මතුකර ශ්‍රීලාංකිකයන්ගේ නිෂ්පාදන දේශීය විදේශීය වෙළද පල ලැබෙන අවස්ථාවන් තවදුරත් පුලුල්කිරීමේ අරමුණින් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් මෙම නිෂ්පාදන සන්නාම ප්‍රධාන උත්සවය සංවිධානය කර තිබිණි.
අප රටේ කුඩා, මධ්‍යම සහ මහපරිමාන ව්‍යවසායකත්ව ක්ෂේත්රවල නියුතු ව්‍යාපාරිකයින් 45 දෙනෙකු සදහා මෙම ශ්‍රී ලංකා නිෂ්පාදන සන්නාම (made in sri lanka ) පිරිනමනු ලැබිණි.
