සිංහල සහ දෙමල අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය හෙට (16) දින පූර්ව භාග 9.04 යෙදී ඇත.
කොළපැහැති වස්ත්‍රභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට කොහොඹ කොලද පයට කොලොන් කොලද තබා කෙහොඹ කොල මිශ්‍ර නානු සහ තෙල් ආලේප කර ස්නානය කරන ලෙස නැකත් පත්‍රයේ සදහන්ව ඇත.
එසේම මෙවර හිසතෙල්ගෑමේ ම ජාතික මහෝස්ත්සවය මනුවර ශ්‍රී දළදා පරිශ්‍රයේ පිහිටි නාථ දේවාල භූමියේ පැවැත්වීමට සැලසුම් කර ඇත
රැකිරක්ෂා සදහා පිටත්ව යෑමේ නැකත මෙවර 18 දාපූර්ව භාග 9.03 යෙදී ඇති අතර රන්වන් පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් සහ එළ කිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යන ලෙස නැකත් පත්‍රයේ දැක්වේ