සුවකළ හැකි ළමා පිළිකා රෝග ව්‍යාජ වෛද්‍යවරු වෙත ගොස් කුරුවල් කර නොගන්න.

ළමුන්ට ඇතිවන පිළිකා රෝග සම්පූර්ණ සුව කිරීමට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර බටහිර වෛද්‍ය ක්‍රමය සතු වුවද පිලිනොගත් ප්‍රතිකාර ක්‍රම වෙත යොමුවීම නිසා රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට පත්වන බව ළමා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෝමතිලක මහතා අවදාරණය කළේය   

ළමා පිළිකා රෝග මුල් අවදියේදී හදුනා ගැනීම මෙන්ම නියමිත වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවීමත්, ක්‍රමවත් සහ අඛණ්ඩ ප්‍රතිකාර ලබාදීමෙන් සුවය ලගාකර ගැනීම ඉතා ඉහළ ප්‍රවනතාවයක් පවතින බවත් ද හෙතෙම සදහන් කළේය‍.

රූධිර පිළිකා, මස් පිඩු සහ අස්ථි ආශ්‍රිත පිලිකා, මොළයේ පිළිකා මෙන්ම අක්ෂි පිළිකාව ළමා පිළිකා අතර ප්‍රධාන වන බවත් කුද්දටි ඉදිමීම , නිතරම සෙම රෝග පැවතීම ලේ අඩුවීම විශේෂයෙන්ම ප්ලේට්ලට හිගකම , නිතර උණ ඇතිවීම ආතරයිටීස් තත්ත්වය බර අඩුවීම බොහෝ අවස්ථාවල මෙම පිළිකරෝග වල මූලික රෝග ලක්ෂණ බවද ඔහු කීය.

මොළය ආශ්‍රිත පිළිකාවලදී උදය වරුවේ ඇතිවන අධික හිසරදය , ඔක්කාර ගතිය, වමනය මිග්ග්‍රේන් වැනි රෝග ලක්ෂණ පවතින බවත් සවස් කාලයේදී මෙම තත්ත්වය පහව යන බවත් ළමා අක්ෂි පිළිකාවේ රෝග ලක්ෂණ ලෙස පෙර පාසල් දරුවන්ගේ වපරය, ඇස වීදුරු බෝලයක් මෙන් දිස්වීම දැකිය හැකි බවත් හෙතෙම සදහන් කළේය

පෙබරවාරි 15 දිනට යෙදෙන ලෝක ළමා පිළිකා දිනය නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය සාකඡ්චාවකදී ළමා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෝමතිලක මහතා මේ බව ප්‍රකාශ කළේය.

ළමා පිළිකාව ඇතිවීම අහඹුවක් වුවද එය සුවකළ පසු නැවත ඇතිවීමේ ප්‍රවනතාවයක් දක්නට නොලැබෙන බවද රෝගය සුව වීමෙන් පසුව සිදුකෙරෙන පසු විපරමද ඉතා අත්‍යාවශය කටයුත්තක් බවත් ළමා පිළිකාරෝග විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර මහතා අවදාරණය කළේය

එහිදී රසායනාගාර පරීක්ෂණ මෙන්ම සායනික පරීක්ෂණද වෛද්‍ය නියමය අනුව සිදුකළ යුතු බවත් එය වසර පහක් හෝ ඊට වැඩි කාලයක් ද යන්න වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන බවත් ඔහු සදහන් කළේය.

ලොව පුරා වසරකදී ළමා පිළිකා රෝගීන් ලක්ෂ 4ක් පමණ හදුනා ගන්නා බවත් අප රටේ මෙම පිරිසට එක්වන රෝගීන් ප්‍රමාණය 1000  – 1200 පමණ වන බවත්  ඒ අතරින් 200 පමණ අවසනාවන්ත ලෙස මරණය පත්වන බවත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා අවදාරණයකළේය

ළමා පිළිකාව වලක්වා ගැනීම සදහා ක්‍රම වේදයක් නොමැති බැවින් රෝ ගය මූලික අදියරේදී හදුනා ගැනීමත් අනුමත වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවීමත් අඛණ්ඩව වෛද්‍ය නිර්දේශය අනුව ප්‍රතිකාර ලබාදීමත් ඉතා අතවශ්‍ය කටයුත්තක් බ වත් ඔහු සදහන් කළේය.