ස්පාඤ්ඤයට නස්කූඤ්ඤයක් වූ ගංවතුර

පසුගියදා ස්පාඤ්ඤ්යේ වැලන්සියා ඇතුලු ප්‍රදේශ රැසකට බලපෑ දරුණු ගංවතුර හේතුවෙන් මෝටර් රථ ලක්ෂයට පමණ අලාභහානි සිදුව ඇති බව එරට මාධ්‍ය සදහන් කරයි.

ගංවතුර බැස ගියද මහමග සහ වෙළද සංකීර්ණ අසල අතහැර දමා ගොස් ඇති මෝටර් රථ ඉවත්කිරීම විශාල ගැටලුවක් වී ඇතිබවත් මහාමාර්ගය යථා තත්ත්වයට පත්කරීම දැඩි අභියෝගයක් බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය ඔක්තෝබර් 29 දින නැගෙනහිර ස්පාඤ්ඤ්යේ වැලන්සියා ඇතුලු ප්‍රදේශ ගනනාවකට ඇතිවූ දරුණු ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 226 දෙනෙකු මරණයට පත්වූ අතර අතුරුදහන්වූ පුද්ගලයන් ගනන 14කි.

ගංවතුර හේතුවෙන් ස්පාඤ්ඤයට සිදුවූ ආරථික අලාභය යුරෝ බිලියන 3.5 පමණ වන බවත් ආපදා අවධානම සදහා පූර්ව සූදානමක් එහි ප්‍රාන්ත ආන්ඩු විසින් ක්‍රියාත්මක නොකිරීම මේ සදහා හේතුවූ බවත් මධ්‍යම රජය අවදාරණය කරයි.