සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවදාරණය කර ඇත.
අද(22) සහල් මෝල් හිමියන් සමග පැවැති සාකඡාවකදී ජනාධිපතිවරයා මේ බව අවදාරණය කර තිබේ.
පාලන මිල පැනවීමෙන් පසු ගොවීගෙන් වී මිලදී ගෙන ඇති බවත් ඉන්පසුව සහල් මිල ඉහළ දැමීම සාධාරණ නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.
සහල් මිල කෘත්‍රීම ලෙස ඉහළ ගොස් ඇති බවත් දිගුකාලීනව පාලන මිල ක්‍රියාත්මක නොකිරීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.
සංවිධිත කෘෂිකාර්මික සැලැස්මක් ඇතිකර ගොවි ජනතාවට වැඩි ප්රතිලාභ ලබාදීමේ දිගුකාලීන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කර ඇත.
ජනතාවගෙන් සාධාරණ මිලට වී ලබාගැනීමටත් ජනතාවට සහන මිලට සහල් සැපයීමටත් යාන්ත්‍රණයක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත.