ශ්‍රී ලංකාවේ දසවෙනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සදහා පැවැති මහ මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ජාතික ජන බලවේගයට හැකියාව ලැබිණි.
සමස්ත ප්‍රතිපල වලට අනුව මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් 21 බලය ඔවුන් හිමිකර ගත් අතර ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 141 විය.
ජාතික ජන බලවේගය මුලු ඡන්ද සංඛ්‍යාවෙන් 6,863,186 ක් හිමිවූ අතරඑය ප්‍රතිශතයක් ලෙස 61.56% කි.
මැතිවරණයේ දෙවන තැන සමගි ජන බලවේගය විසින් දිනාගත් අතර ඔවුන් හිමිකරගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 35කි. එම පක්ෂය ඡන්ද 1,968,716 එය ප්‍රතිශතයක් ලෙස 17.66% ක් වෙයි.
මන්ත්‍රී ආසන 7 ක් ලබාගැනීමට ඉලංගෙයි තමිල් අරුස්සු කච්චි පක්ෂයට හැකිවූ අතර ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රමාණය 257,813ක් විය. එය ප්‍රතිශතයක් ලෙස 2.31%කි.
නව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණ ආසන 3ක් ලබාගත් අතර ඔවුන් හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව 500,835කි එය ප්‍රතිශතයක් ලෙස 4.49%ක් විය.
ආසන 2ක් හිමිකරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 350,426කි .එය ප්‍රතිශතයක් ලෙස 3.14% ක් වෙයි.
ඊට අමතරව සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය, ඊ. පී .ඩී . පී පක්ෂය, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය, ප්‍රජාත්‍රන්තවාදී දෙමළ ජාතික සංධානය, ස්වාධීන කණ්ඩායම් 17 යන පක්ෂ මන්ත්‍රී ධූර 1 බැගින් හිමිකරගෙන තිබේ.