ශ්‍රී ලක් නෞකාවට අලුත් නාවිකයෝ පත්කරති.

ශ්‍රී ලංකාවේ 10 වෙනි පාර්ලිමේන්තුව සදහා අභිනව අමාත්‍ය මණ්ඩලය පත්කිරීම අද (18) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදුකකෙරිණි.

නව කැබිනට් අමාත්‍ය සංඛ්‍යාව 22 කට සීමා වූ අතර ආරක්ෂක, මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන සහ ඩිජිටල් ආර්ථික යන අමාත්‍යධූර ජනාධිපතිවරයා යටතට පවරා ගැනිණි.

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස හරිනි අමරසූරිය මෙනවිය පත්කරනු ලැබිණි.