උතුම් දන්ත ධාතුන් වහනසේ සියසින් දැක වන්දනා කිරීමේ වෙනුවෙන් දින දහයක් පුරා පැවැති දළදා ප්‍රදර්ශනය ඊයේ (27) දිනයෙන් අවසන් විය.
ඊයේ දිනය තුල 80000 අධික බැතිමතුන් පිරිසකට දළදා වන්දනාව සදහා අවස්ථාව හිමි විය.
දළදා ප්‍රදර්ශනය ආරම්භ වී ගෙවුනු දින10 තුල ලක්ෂ 6කට අධික සැදැහැවතුන් පිරිසකට දළදා වහන්සේ වන්දනාමාන කිරීමේ අවස්ථාව හිමිවූ අතර මහනුවර නගරය පිරිසිදු කිරීමේ කාර්‍යයේ නියුතුව සිටි සේවක පිරිස් සදහාද දළදා වහන්සේ වැදපුදා ගැනීමට අවස්ථාව ලබාදීම සුවිශේෂ සුවිශේෂ කටයුත්තක් ද ඊයේ දිනය තුල විය.
එසේම රක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් දළදා වන්දනාව සදහා භාග්‍ය හිමිවීමද සුවිශේෂත්වයක් ලෙස සටහන් තැබෙයි.
ශ්‍රී දළදා වනදනාව සදහා පැමිණ ගම රට බලා යාමට නොහිවූ පිරිස් සදහා ඊයේ රාත්‍රී සහ අද උදෑසන ආහාර ලබාදීම ටද කටයුතු සංවිධානය කර තිබිණි.