බෙෘද්ධ ජනතාගේ සුවිශේෂිතම පොහොය දිනයවූ වෙසක් පුන් පොහොය දිනය අර්ථවත්ව ගතකරන ලෙසත් තුනුරුවන් කෙරේ බැතිසිත පහදවා ගන්න ලෙසත් තෛනිකාය හිමිවරු සදහන් කරති
වෙසක් දින පණිවඩ නිකුත් කරමින් උන්වහන්සේලා මේ බව සදහන් කළහ
එහිදී වෙසක් කාලය තුල ලක්වාසී මෙන්ම ලෝ වාසී බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් බුදුන්වහන්සේ පෙන්වූ මාර්ගයේ ගමන් කිරීමට උත්සහ දරන ලෙස රාමාඤ්ඤ මහ නිකායේ මහ නායක පූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණෝ සදහන් කළහ
තුනුරුවන්කෙරේ ශද්ධාව ඇති කරගනිමින් වෙසක් දිනය අර්ථවත්ව ගතකරන ලෙස අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමිපාණෝ සදහන් කළහ.
ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් වෙසක් උත්සවය උසස් අන්දමින් සැමරීමට කටයුතු කළ යුතු බව මල්වතු පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමිපාණෝ සදහන් කළහ.