වික්ටර් අයිවන්ගේ ජීවන පන්හිද නිමාවෙයි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම ගත් කතුවරයෙකු වූ වික්ටර් අයිවන් මහතා  අද (19) සිය දිවි සැරිය නිමාකළේය.

1949 ජුනි 05 දින උපත ලද ඔහු මිය යනවිට ඔහු 75 වියේ පසුවිය.

වික්ටර් අයිවන් මහතා රාවය පුවත්පතේ ආරම්භක කතුවරයා මෙන්ම මෙරට මහත් ආන්දෝලනයට තුඩුදුන් දේශපාලන කෘති ගනනාවක රචකයා වෙයි.

ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සමාජිකයෙක්වූ හෙතෙම විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ජනතාව නව මතවාදයන්  කරා රැගෙන ගිය සමාජ මැදිහත්කරුවෙකුද වෙයි.