වැලිසර ළය රෝහලේ හදවත ගිලන් වෙලා.

වැලිසර ස්වසන රෝග පිලිබද ජාතික රෝහලේ ශල්‍යාගාරය නිසි පරිදි නවීකරණය නොකිරීම නිසා ශල්‍යකර්ම සිදුකිරීමේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවී ඇතැයි රෝහලේ ශල්‍ය ඒකකයේ වෛද්‍යවරු අවදාරණය කළහ.

දීර්ඝ ඉතිහාසයක් ඇති වැලිසර ජාතික රෝහලේ ශල්‍යාගාරය පිහිටවා වසර 80 ද ඉක්මවා‍ ගොස් ඇති බැවින් එහි ඇතැම් පද්ධති (system) වල ක්‍රියාකාරිත්වය මේ වනවිට අකාරක්ෂම වෙමින් පවතින බවද ඔවුන් පෙන්වා දුන්හ.

පෙණහලු පිළිකා රෝගීන් සදහා වැඩිම ශල්‍යකර්ම සිදුකරන අප රටේ ප්‍රධානම ජාතික රෝහලක් වන මෙහි වසරකදී පෙණහලු පිළිකා රෝගීන් 500 කගේ පමණ ශල්‍යකර්ම සිදුකරන බවත් ඔවුන් පැවසූහ.

වෛද්‍යවරුන් මෙන්ම දැඩි සත්කාර ඒකක වල හිගයද නිසා සිදුකරන ශල්‍යකර්ම ප්‍රමාණාය ඉහළ දැමීමට නොහැකි වී ඇති බවද මේ වනවිට ශල්‍යකර්ම සදහා නියමිත රෝගීන් ප්‍රමානය ඉහළ යමින් පවතින බවද වෛද්‍යවරු සදහන් කළහ.

එසේම පෙණහලු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන පසු බිමක පෙණහලු පිළිකා ශල්‍යකර්ම සදහා වැඩි අවදානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයද ඔවුන් පෙන්වා දුන්හ‍.

ලෝක පෙණහලු පිළිකා දිනය නිමිත්තෙන් වැලිසර ශ්වසන රෝග පිලිබද ජාතික රෝහලේ පසුගිය 1 දා පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයේදී ඔවුන් මේ බව කීහ.

සටහන – ලක්ෂ්මි වික්‍රමසිංහ

doctors-respiratory-diseases-hospital