අප රටේ ජනතාව අත්විදින උසස් සෞඛ්‍ය තත්ත්වය ගොඩ නැංවීමේ පුරෝගාමීන් වූයේ කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය අධ්‍යනාංශයේ ආචාර්ය මහාචාර්යවරු බවත් ඔවුන් රට පුරා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල (MOH) ගොඩ නංවමින් මහජන සෞඛ්‍ය නගා සිටවීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ බවත් කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පීඨාධිපති විද්‍යාජෝති ජෙෂ්ඨ මහාචාර්ය වජිර දිසානායක මහතා අවදාරණය කළේය.
මේ වනවිට රට කුමන වාතාවරණයක පසුවුවද ජාත්‍යන්තර තලයේ ඇගයීමට ලක්වන උසස් වෛද්‍ය සේවාවක් අප රට තුල ක්‍රියාත්මක වන බවත් පොදුරාජ්‍ය මණ්ඩල වෛද්‍ය සමුළු වැනි විද්වතුන් ඒකරාශිවන ස්ථානවලදී පවා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ඉහළ ඇගයීමට පාත්‍ර වන බවත් ඒ සදහා ප්‍රජා සෞඛ්‍ය පහසුකම් ඉහළ මට්ටමක පැවතීම ද ප්‍රධාන හේතුවක් බවත් මහාචාර්ය වජිර දිසානායක මහතා කීය.
ඝර්ම කලාපීය රටවල් අතරින් මැලේරියාව තුරන් කළ පළමු මෙන්ම එකම රට ශ්‍රී ලංකාව බවත් එම ජයග්රහන අත්පත් කර ගැනීමට ප්‍රජා වෛද්‍ය අධ්‍යනාංශය දැඩි කැපවීමෙන් කටයුතු කළ බවත් හෙතෙම පැවසීය.
කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය අධ්‍යනාංශයේ 75 වැනි සංවත්සරය පිලිබද මාධ්‍ය දැණුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් මහාචාර්ය වජිර දිසානායක මහතා මේ බව සදහන් කළේය.
රටක සෞඛ්‍ය සේවාවේ පහසුකම් දියුණු කිරීමට අවශ්‍ය විවිධ ක්‍රමවේද, අඩුපාඩු හදුනා ගැනීමමෙන්ම විද්‍යාත්මක ක්‍රමවේද භාවිතය සදහා වෛද්‍ය පර්යේෂණ ඉතා අත්‍යවශ්‍ය අංගයක් බවත් එම පර්යේෂණ සදහා මූලික වෛද්‍යවරු මෙන්ම විශේෂඥ වෛද්‍යවරු පුහුණු කිරීමේ කටයුතු සදහා මූලිකත්වය ගෙන ක්‍රියා කරන්නේ ප්‍රජා වෛද්‍ය අධ්‍යනාංශය බවත් එහි අංශාධිපති ජෙෂ්ඨ මහාචාර්ය උපුල් සෙනරත් මහතා එහිදී සදහන් කළේය.
ප්‍රජා සෞඛ්‍ය සේවා ඉහළ නැංවීම සදහා වැය කරන ඕනෑම එක් මුදල් ඒකකයක් මෙන් අටගුණයකින් ආපසු ප්රතිලාභ හිමිවන බවත් රෝග වලක්වා ගැනීම පිලිබද ප්‍රජාව දැණුවත් කිරීම සදහා වැයකෙරෙන ඕනෑම එක් මුදල් ඒකකයක් මෙන් පහලොස් ගුණයකින් ප්රතිලාභ නැවත් ලැබෙන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා එහිදී අවදාරණය කළේය.
මෙම අධ්‍යනාංශය මගින් වෛද්‍ය සිසුන්ට අවශ්‍ය රෝග නිවාරණය පිලිබද මෙන්ම වෛද්‍ය පර්යේෂණ සදහා අවශ්‍ය දැණුම සහ පුහුණුව ලබාදෙන බවත් එය වෛද්‍ය සිසුවෙකු ලෙස ලබාතග හැකි සුවිශේෂ අත්දැකීමක් බවත් එම අධ්‍යනාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා එහිදී සදහන් කළේය.
මෙම 75 වැනි සංවත්සර උළෙල 2024 දෙසැම්බර් 03 දින UCFM ශ්‍රවනාගාරයේදී පස්වරු 01 සිට 05 දක්වා පැවැත්වෙනු ඇත.