වතිකානුවට අලුත් ඉරක්

එක්සත් ජනපදයේ රොබට් ප්‍රොවොස්ට් කාදිනල් හිමිපානන් 267 වන ශූද්ධෝත්තම පාප්වහන්සේ ලෙස අද (08) තේරී පත්විණ.

ඒ අනුව ලොව පුරා ජනතාව මහත් අවධානයට බලා සිටි පාප්නිළවරණයේ අවසානය සනිටුවහන් කෙරිණි.  

උන්වහන්සේ 14 වන ලියෝ පාප් වහන්සේ ලෙස නම් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින දෙකක් පුරාපැවති පාප්වරණයයෙන් අනතුරව අද රාත්‍රී 9.40 පමණ වතිකානුවේ සිස්ටීන් දේවස්ථානයේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් වූ අතර එය නව පාප්වහන්සේ තෝරාගත බවට සිදු කළ සංඥාව විය

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ත වීමෙන් අනතුරුව නව පාප්වහහන්සේ  තෝරා පත් කර ගැනීම සදහා පාප්නිළවරනයක් පැවති අතර ඒ සදහා කාදිනල් වරු 133 කගේ ඡන්දය විමසීම සිදුවිය .