ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබේ.
“අයිතීන් සුරකිමු ඒඩ්ස් වළකමු” යන්න මෙවර ඒඩ්ස් දිනයේ තේමාව ලෙස යොදාගෙන ඇත.
ඒඩ්ස් යනු HIV වෛරසය ආසාදනය වී විධිමත් ප්‍රතිකාර වලට යොමු නොවී ම නිසා ඇතිවන රෝගී තත්ත්වයක් බවත් ඒ මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල වීම නිසා විවිධ රෝගාබාධ වලට ඉතා පහසුවෙන් ගොදුරු වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
කෙසේ වුවද අප රටේ HIV ආසාදිතයන් ඉහළ යාමක් වාර්ෂිකව වාර්තා වන බවත් මෙම වසරේ පසු ගිය හය මාසය තුල වාර්තා වූ රෝගී ප්‍රමාණය 421 බවත් සෞඛ්‍ය අංශ සදහන් කරයි.
1988 දි ආරම්භ කෙරුණු ලෝක ඒඩ්ස් දිනය ගෝලීය සෞඛ්‍ය සදහා වූ පළමු ජාත්‍යන්තර දිනය ලෙස සලකනු ලබන අතර HIVආසාදිත පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය උසස් මට්ටමක පවත්වා ගැනීමට සහය වීම ඒඩ්ස් රෝගයෙන් මිය ගිය අය වෙනුවෙන් ශෝකී වීම සදහා මෙම දිනය ජාත්‍යන්තර වශයෙන් සමරණු ලබයි.