දෙවන ලෝක යුද්ධය නිමාවිය. ඒ සමග ක්‍රමයෙන් ජන සමාජය විවිධ පරිවර්තන සමග වේගයෙන් ඉදිරියට යාම ආරම්භ වී තිබිණි. එහෙත් යුද්ධය සමග නතරවුන පිරිසක්ද ඒ අතර වූහ. චිත්‍රපට නිෂ්පාදකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, මානව විද්‍යාඥයන්, මාධ්‍යවේදීන් ඊට අයත් වූහ.
ඒ අතරින් එක් මාධ්‍යවේදියෙකු, යුද්ධයේදී නිරුප්‍රදිතව ජීවිතය රැකගත් සොල්දාදුවන් පිලිබද ගවේශණාත්මක අධ්‍යනයක නිරත විය. පසු කලෙක ඔහු එම සොල්දාදුවන් පිලිබදව පුවත්පතක් සදහා සවිස්තරාත්මක ලිපියක් සකස් කළේය. ඔහුගේ ලිපියේ අඩංගු සුවිශේෂ කරුණු මෙලෙසින් විය.
ඔවුන්ට හොද ක්‍රීඩා කෞශල්‍යයක් තිබිණි. ඔවුන්ගේ ඉන්ද්‍රියන් ඉතා තීක්ෂණව ක්‍රියා කළේය. ඔවුන් යුධ පුහුණුව විශිෂ්ඨ ලෙස නිමකර තිබිණි. එසේම ඔවුන් ඉපදී මාස 06 ක් ගතවනතෙක්ම මව් කිරෙන් පමණක් පෝෂණය ලැබූවන් වූහ.
මව්කිරි සොබා දහමේ අද්වතීය නිරිමාණයකි. උපන් මොහොතේ සිට දරුවකු වැඩීම සදහා අවශ්‍ය සියලු පෝෂණය එහි අන්තර් ගතවෙයි .එපමනක් නොවේ කුඩා අවධියේ දරුවන් බෝවන රෝග වලින් ආරක්ෂාව සැලසීම සදහා යහපත් ප්‍රතිශක්තියක් ගොඩ නැංවීමටද මව් කිරිවලට ඇති සුවිශේෂ ගුණාංග අතරට අයත්වෙයි.පාචනය ,ස්වසන ආබාධ , මැද කණේ ආසාදන වැනි රෝග මෙහිදී ප්‍රධාන වෙයි.
අද සමාජය තුල බෝ නොවන රෝග දරුණු ව්‍යසනයක් බවට පත්ව තිබේ .එහෙත් මව්කිරෙන් පෝෂණය ලැබූ දරුවන් පසු කාලීනව බෝනොවන රෝග වැලදීමේ ප්‍රවණතාවය ඉතා අවම මට්ටමක පවතින බව පරීක්ෂණ මගින් අනාවරණය කරගෙන ඇත.විශේෂයෙන්ම දියවැඩියාව අධිරුධිර පීඩනය මෙන්ම , ලිව්කේමියා වැනි රෝග මෙහිදී ප්‍රධාන වෙයි.
ඒ මව් කිරි වල එක් පැතිකඩකි .
මව් කිරෙන් දරුවෙකුට පෝෂණය ලබාදීමට පමණක් සීමා නොවන අතර මව් ඇකයේ සිට කිරි උරාබොන දරුවකු උසස් මානව සබදතා වැඩීමටද එය උපකාරයක් වෙයි. මවගේ උණුසුම මවගේ සෙනෙස සමග ගතකරන දරුවෙකු යහපත් මානසික පසුබිමක් සකස් වන බව වෛද්‍ය පරීක්ෂණ මගින් හෙළිවී ඇත. එහෙත් මව් කිරි යුනු පුදුම නිර්මාණයකි එහි සුවිශේෂත්වය පැහැදිලි කිරීමට වචන ගොනු කිරීම පවා දුෂ්කර කටයුත්තකි.
අප රටේ මව්කිරි දීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ මට්ටමක පවතී එහෙත් වත්මන් සමාජය තුල කාන්තාව යනු ඉතා කාර්යයබහුල පිරිසකි. ඔවුන්ගේ රැකියාව සමග අවිවේකී වන අතර එදිනදා කටයුතු අතර මව්කිරි දීම අභියෝගයක් වන අවස්ථා බොහෝ විට මුණ ගැසෙයි.එහෙත් සෑම මවකගේම අධිෂ්ඨානය විය යුත්තේ කුමන අභියෝග හමුවේ වුවද බිලින්දන් මව් කිරෙන් පමණක් පෝෂණය කිරීමට අවශ්‍ය ශක්තිය ගොඩ නගා ගැනීමයි.
එහෙත් එම සීමාව තුල මව පමණක් කොටුකළ යුතු නැත. මව් කිරි දීම සදහා ඇය දිරි ගැන්වීම මෙන්ම ඒ සදහා අවශ්‍ය සහයෝගය සහ උපකාර ලබාදීමට පවුලේ අනිකුත් සාමාජිකයන්ද කටයුතු කළ යුතුයි.
එසේම එය පවුලකට සීමා වන්නක්ද නොවේ එය ප්‍රජාවේ සියලු පාර්ශවයන් වෙත එහි වගකීම බෙදී යයි.
කෙසේ වුවද මේ වන විට රැකියාවේ නියුතු කිරි දෙන මව්වරුන් සදහා සිය කටයුතු පහසු වෙන් කළ හැකි ආකාරයෙන් සකස් කෙරුණු විවිධ අණපනත් සහ නීති ගනනාවක් වෙයි.විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කාන්තාවන් සදහා ප්‍රසූත නිවාඩු ලබාදීමේදී කර්මාන්ත ශාලා සේවිකාවක් සදහා නිවාඩු දින හැර සති දොලහක වැටුප් සහිත නිවාඩුද වෙළද සහ සාප්පු ආයතනවල සේවයේ නියුතු කාන්තාවන් සදහා දින 84 ක වැටුප් සහිත නිවාඩුද හිමිවෙයි.
මව්කිරි කොපමණ කාලයක් ලබාදිය යුතුද යන්න සමහර අවස්ථාවල මව්වරුන්ට ගැටලුවක් ඇතිවේ. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරිදේශය අනුව ඉපදී පළමු පැය තුල මව්කිරි ලබාදීම ආරම්භ කළ යුතු වීම, පළමු මාස 06 දී මව් කිරි පමණක් ලබාදීම එසේම වසර දෙකක් යන තෙක් අමතර ආහාර සමග මව් කිරි ලබා දීම නිරිදේශ කර ඇත.
පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා සෙෘඛ්‍ය විශේඥ වෛද්‍ය නෙත්මිණී තේනුවර, කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධාරී යූ.ටී. ඩබ්ලිව්. රත්නායක, කොළඹ කාසල්වීදියේ කාන්තා රෝහලේ ළමාරෝග විශේෂඥ වෛද්‍ය සන්ධ්‍යා දොලුවීර, එම රෝහලේ හෙද නිලධාරිනී ටී .ඩී. ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (30)සෙෘඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවැති මාධ්‍ය සාකච්චාවක් ඇසුරින් සකස් කෙරිණි.
සටහන ලක්ෂ්මී වික්‍රමසිංහ