රත්නපුරයට තර්ජන

ඊයේ රාත්‍රියේ පැවති අධික වැසි හේතුවෙන් කළු ගගේ ඉහළ ජල පෝෂක ප්‍රදේශ සක්‍රිය වීමෙන් රත්නපුර ද්‍රිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ශාස ගනනාවකට ගංවතුර තර්ජන එල්ලවී ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, කිරි ඇල්ල, ඇලපාත, ආදි ප්‍රදේශ මෙසේ ගංවතුර අවධානමට ලක්ව ඇත.

ගිංගගේ ජල මට්ටමද ඉහළයාම හේතුවෙන් පහත්  ප්‍රදේශවලද ගංවතුර අවධානම පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.