ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් ලෙස ලෝකය ඉදිරියේ ඔසවා තැබීමට නම් අප නිර්මාණය කළ යුත්තේ අගය එක් කළ හැකි නිෂ්පාදන බව කර්මාණ්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අවදාරණය කළේය.
ලෝකයට අගය එක්කල හැක්කේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් පමණක් බවත් නිෂ්පාදන ක්‍රියාවලියෙන් බැහැර වූ සෑම රටක්ම බංකොලොත්භාවයට පත්වූ බවත් හෙතෙම සදහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යය චතුරංග අබේසිංහ මහතා මේ බව සදහන්කළේ ඊයේ (29) ශ්‍රීලංකා පදනම් ආයතනයේදී පැවති බස්ණාහිර පළාතේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් සහ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරින් “RELLATIOSHIP OFFICER” යන තනතුර යටතේ හැකියාවෙන් පරිපූර්ණ ව්‍යාපාරික උපදේශකවරුන් බවට පත් කිරීමේ නියමු ව්‍යාපෟති පුහුණු වැඩ සටහනේ සමාරම්භක අවස්ථාවේදීය.
ඒ අනුව බස්නාහිර පළාතේ තෝරාගත් නිලධාරින් 53 දෙනෙකුට ජාත්‍යන්තර මට්ටමේ පිලිගත හැකි මෙම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව හිමිවිණි. මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහ හ්‍රී ලංකා අලෙවි කළමනාකරණ ආයතනය SLIM සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබිණි.
මේ අවස්ථාව සදහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, SLIM ආයතනයේ සභාපති මහාචාර්ය දේවසිරි ජයන්ත මහතා, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්යක්ෂ මනෝජ් ප්‍රියන්ත මහතා ඇතුලු නිලධාරීන් රැසක් සහභාගි වූහ.
