රටේ පාලකයින් අවශ්‍ය අවස්ථාවන්හිදී නිවරැදි තීරණ නොගැනීම නිසා රට ආර්ථික පරිහානියට පත්වූ බවත් එහි ප්‍රථිපල සියලු ක්ෂේත්‍ර කෙරේ බලපෑම් කළ බවත් වසර 8ක් පුරාවට ජාතික ඵලදායිතා ඇගයීමේ සම්මාන උත්සවය අඩපන වීමද එහි එක් අහිතකර ප්‍රතිඵලයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවදාරණය කළාය.
අද(15) අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලවේ අග්රමාත්යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික ඵලදායිතා සම්මාන උලෙළ 2025 /2026 ප්‍රකාශයට පත්කිරීමේ සමාරම්භක උත්සවයේ දී එතුමිය මේ බව පැවසුවාය.
රටක දියුණුව රදා පවතින්නේ එරට වැසියන් ලබාදෙන නිෂ්පාදන දායකත්වය මත බවත් රටක් දියුණුව කරා ඔසවා තැබීමට නව නිර්මාණ බිහිවිය යුත් බවත් අලුත් දේ නොතකන ජාතිය ලොව නොනගී යැයි අපේ මුතුන් මිත්තන්ගේ සංකල්පයක් පවතින බවත් අගමැතිවරිය සදහන් කළාය.
ඵලදායිතා සංකල්පය ක්‍රියාත්මක කිරීම තුලින් රාජ්‍ය අංශයේ අකාරක්ෂමතාවය තුරන් කර එය නව මාවතක් කරා ගෙනයා හැකි බවත් clean Sri Lanka ජාතික ව්‍යෘපෘතියේ අරමුණුවලට සමගාමීව පැවැත්වෙන මෙම තරගාවලිය ඔස්සේ රටේ සමස්ත ඵලදායිතාව ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවත් කර්මාන්ත සහ ව්‍යවසායි අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය
ඕනෑම රටක තිරසාර සංවර්ධනය සදහා ජාතික ඵලදායිතාව අත්යවශ අංගයක් බවආසියානු ඵලදායිතා සංවිධානයේ මහ ලේකම් ආචාර්ය indra pradhana singa winta පැවසීය.
ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය ක්ෂේත්‍ර තුනක් යටතේ පාසල්, රාජය සහ නිෂ්පාදන ලෙසින් ක්‍රියාත්මක වෙයි.

