යුරෝපය රජතුන් කට්ටුව සමරන එපිෆනි අදයි.   

ජේසු බිලිදාගේ උපත සමරන නත්තල ගෙවී ගොස් සති 2කට ආසන්න වූවද උන්වහන්සේ සිහිකරන තවත් කිතුනු උත්සවයක් ප්‍රංශය, බෙල්ජියම, ස්විස්ටර්ලන්තය ආදී ප්‍රංශ භාෂාව භාවිතා කරන රටවලින් වාරතා වෙයි. 

එය හදුන්වනනේ එපිෆනි(“THREE KINGS DAY’) යනුවෙනි.                                                                             

කිතු උපත දැකගැනීමට පැමිනි රජුන් තිදෙනා සංකේතාත්මකව සැමරීමට මෙම උත්සවය පවත්වයි. නව වසර සදහා සෞභාග්‍ය පාර්ථනා කිරීමත් මෙම උත්සවයේ තවත් අරමුණකි. 

මේ සදහා ඔවුන් විශේෂ කේක් ගෙඩියක් පිළියෙළ කරන අතර ඝණ අයිසින් වලින් සකස් කළ කුඩා ද්‍රව්‍යයක් මෙම කේක් ගෙඩියේ එක් තැනක සගවා ඇත. කේක් අනුභව කරන අවස්ථාවේ මෙම සැගවු ද්‍රව්‍ය ලැබුන තැනැත්තා උත්සවයේ විශේෂ පුද්ගලයා බවට පත්වෙයි. එදින ඔහු‍‍‍ හෝ ඇය ඔටුන්නක් පැළදීමටද රජ හෝ රැජින ලෙස පිළගැනීමද සිදුකෙරෙයි.

මෙය මධ්‍යතන යුගයේ සිට පැවත එන චාරිත්‍රයකි.                                                                           

කෙසේ වුවද එපිෆනි එම රටවල කිතුණු බැතිමතුන්ට විනෝදාත්මක මෙන්ම ආගමානුකූලව කටයුතු කරන විශේෂ දිනයක් බව ප්‍රංශ මාධ්‍ය සදහන් කරයි.