ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතල ආරථික අරබුදයේ අදුරු සෙවණැලි එය පුපුරායාමට සිව් වසරක පෙර සිටම තමා හදුනා ගත් බවත් එවකට ආරථිකය මෙහෙයවූ බලධාරින් ඒ පිලිබදව දැනුවත් කළද ඔවුන් බොහෝ දෙනෙක් ඉතා නිහඩ පිළිවෙතක් අනුගමනය කළ බවත් භාණ්ඩාගාරයේ සහ මුදල්, ආරථික ස්ථායිකරන සහ ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් කේ.එම්’ මහින්ද සිරිවර්ධන මහතා අවදාරණය කළේය.
ආරථිකය දරුණු ප්‍රපාතයකට ඇදවැටීමෙන් පසුව සමහර දේශපාලන සහ ආරථික බලධාරින් සිය තනතුරු අත්හැර දමා ගිය බවත් හෙතෙම සදහන් කළේය.
ආර්ථික බිදවැටීමේ සියලු බර මිලියන දෙසීයක්වූ රටේ ජනතාවගේ කරමතට පැටවූ අතර ආහාර අනාරක්ෂිතභාවය, මන්ද පෝෂණය, අධ්‍යපනය සෞඛ්‍ය වැනි මානව දර්ශකයන් බිද වැටීමට වැනි තත්ත්වයන්ට ඔවුන්ට මුහුණ දීමට සිදුවූ බවත් මහින්ද සිරිවර්ධන මහතා පෙන්වා දූන්නේය.
එදා සමහර ආරථික විශ්ලේශකයන් ආරථිකයේ මළගම සිදුවී ඇති බව පැවසු බවත් සැබවින්ම එය ඒවන විට රටේ පැවති සැබෑ ප්‍රතිරූපය බවත් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.
ගෙවුනු දෙවසරක කාලය ආර්ථිකයේ ගමන් මග අතිශය දුෂ්කර කටුක එකක් බවත් භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස ආරථික අර්බුදය කලමණාකිරීමට රජයට සහය වීමේ කර්තව්‍ය තමාට භාරවූ බැවින් එහි සැබෑ දුෂ්කරතා තමාද හොදින් හදුනන බවත් හෙතෙම සදහන් කළේය.
එසේ වුවද මේ වනවිට ආරථිකය යම් ස්ථාවරත්වයකට පැමිණ ඇති බවත් එම දියුණුවේ ප්රතිලාභ සියලු රටවැසියන්ගේ සෞභාග්‍ය සහ යහපැවැත්ම වැඩිදියුණු වන පරිදි තිරසාර ආරථික සංවර්ධනයක් බවට පරිවර්ථනය කළ යුතු බවත්මහින්ද සිරිවර්ධන මහතා කීය.
භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) කොළඹදී පැවැති “ ශ්‍රි ලංකා සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය” එලිදැක්වීමේ උත්සවයේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඔහු විසින් සිදුකළ සම්පූර්න කතාව පහතින්: