මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයන්හි ලේකම් වරයා ලෙස මහින්ද සිරිිවර්ධන මහතා නැවත පත්කෙරුණු අතර ඔහු අද (20) සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරන ණය පහසුකම ලබාගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්තක කර ගැනීම සදහා මහින්ද සිරිවර්ධන මහතා සුවිශේෂ දායකත්වයක් දැක්වීය.
එසේම ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලිදේශය සහ භූතානය සදහාවිකල්ප අධ්යක්ෂ වරයෙකු වශයෙන්ද කටයුතු කර තිබේ.
කැලණිය විශ්වවිදයාලයේ ආර්ථිකවිද්‍යාව පිලිබදව විශේෂ උපාධියක් හිමි කරගනිමින් උසස් අධ්‍යාපනයේ කඩඉම් පසුකල මහින්ද සිරිවර්ධන මහතා ඇමරිකා එක්සත් ජනපදයේ වන්ඩබිල්ට් (vanderbilt university) විශ්වවිදයාලයෙන් ආර්ථික විද්යාවපිලිබද ශාත්රපති උපාධිය සහ ආර්ථික සංවර්ධනය පිලිබදව පශ්ඡාත් උපාධි ඩිප්ලෝමාවක් හිමිකරගෙන ඇත.