මිනිසාගේ නිමවුම් වල බර වැඩිවෙයි. පෘතුවිය විශ්වයේ ගිලීයයි!

මිනිසා විසින් සාදන ලද සියලුම ද්‍රව්‍යන් ගේ බර මේ වසර අවසන් වන විට සියලු ජීවින්ගේ සහ ශාක වල සමස්ථ බරට වඩා වැඩිවන බවට විද්‍යාඥයෝ අනතුරු අගවති.             

 මිනිසා විසින් නිපදවන ලද අල්පෙනෙත්තේ සිට සුවිසල් ගොඩනැගිලි ,යෝධ යන්ත්‍රසූත්‍ර ,කි.මී. දහස් ගනන් දිග අධිවේගී මාර්ග සහ පාලම් ,නැව් ගුවන් යානා ඇතුලු අනෙකුත් සියලු නිර්මාන වල ඒකාබද්ධ බර මේ මහපොලොවේ වෙසෙන සියලුම සතුන් සහ ශාක සියල්ලේම බර අභිබවා යන බව එම විද්‍යාඥයෝ වැඩි දුරටත් කියති.        

1900 වසරේ මිනිසා නිපදවූ සියලු වස්තූන්ගේ ඇස්තමේන්තු බර ටෙරා ටොන් 1 ක් හෙවත් ටොන් ට්‍රිලියනයක් පමන වන බව ඊශ්‍රායලයේ වයිස්මන් විද්‍යා ආයතන‍ෙය් අධ්‍යන වාර්තාවක් උපුටා දක්වමින් නේචර් සගරාව ප්‍රකාශ කරයි.

මිනිසා විසින් සාදන ලද ද්‍රව්‍ය වල ස්කන්ධය සෑම වසර 20 වරක් 2ගුන වන බව එම සගරා අධ්‍යන වාර්තාව සදහන් කරයි. 

සතියකට වරක් ලෝකයේ සෑම පුද්ගලයකුගේම බරට වඩා වැඩි බර ප්‍රමානයක් මිනිසා විසින්ම නිෂ්පාදනය කිරීම විෂ්මය ජනක බව එම වාර්තාව සදහන් කරන අතර මේ තත්ත්වය දිගටම පවත්වන්නේනම් 2045  වනවිට මිනිසා නිෂ්පාදනයකළ සියලුම බර පෙරාටොන් 1.1 සිට ටෙරාටොන් 3ක් දක්වා 3 ගුණයකින් වැඩිවනු ඇත. දැන් මානවයා වසරකට ගිගාටොන් 30 (ටොන් 30,000,000,000)  වැඩි ප්‍රමාණයක් ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු බව අධ්‍යන වාර්තාව වැඩිද්‍රරටත් පෙන්වාදෙයි.