මිද්දෙනිය තෝරයාය ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබූ රසායන දුව්‍ය තොගයේ නියදීන් (sample) බහුතරයක මෙතෆෙටමින් (methamphetamine) නැමැති රසායන ද්‍රව්‍ය අඩංගු බව අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනුනු කෙහෙල්බද්දර පත්මේ සහ බැකෝ සමන් නැමැති අයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සදහා යොදාගැනෙන රසායන දුව්‍ය කිලෝ ග්‍රෑම් 50,000 ක් පමණන මිද්දෙනිය ප්‍රදේශයේ වලදා තිබෙන බව ප්‍රකාශ කර ඇත.
පසුව එම ප්‍රදේශයේ සිදුකළ කැණීම්වලදී සොයා ගැනුනු රසායනික දුව්‍ය වල නියැදීන් අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය සහ රජයේ රස පරීක්ෂණ ආයතනයේ පරීක්ෂාවට යොමු කෙරිණි.
එහිදී අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය ලබාගත් නියැදි 20 න් 17කම අයිස් මත්දුව්‍ය නිෂ්පාදනය සදහා යොදාගන්නා රසයන ද්‍රව්‍ය අඩංජගු බව අනාවරණය වී ඇත.
එම මණ්ඩලය විසින් රසායන දුව්‍ය පිලිබද පරීක්ෂණ වාර්තාව පසුගිය 12 දින බස්නාහිර පළාත උතුර පොලිස් අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබේ.