ආර්තවහරණයෙන් (menopause) පසුව කාන්තාවන් විවධ සෞඛ්‍ය තර්ජන වලට මුහුණදීමේ ඉහළ ප්‍රවණතාවයක් පැවතියද ඔවුන්ට සුවසෙත ලගාකරදීමට සෞඛ්‍ය අංශවලින් සිදුවන මැදිත්වීම් ප්‍රසස්ථ මට්ටමක නොතිබෙන බව ආර්තහරණ සංගමයේ අනාගත සභාපති ප්‍රසව හා නාරිරෝග විශේෂඥ වෛද්‍ය දර්ශන අබේගුණවර්ධන මහතා සදහන් කළේය.
“කාන්තාවන් සදහා පැවැත්වෙන් විශේෂ සායන අවුරුදු 49 න් පස්සේ අවසන් වෙනවා නමුත් කාන්තාවන්ට බහුල වශයෙන්ම රෝගයන්ට ගොදුරුවීම දකින්ට ලැබෙන්නේ අවුරුදු 49 පස්සෙ, සාමාන්‍යයෙන් කාන්තාවකට ආර්තඅභාවය සිදුවන්නේ ඊට පසුව “ ආර්තවහරණයෙන් පසුව ඊස්ට්‍රජන් හෝමෝනය ශ්රාවයවීම ඇණ හිටීම මෙම රෝග තත්ත්වයන් ඇතිවීමට හේතු වෙනවා”.
ආර්තවහරණය සිදුවූ කාන්තාවන්ට මුහුණදීමට ඇති සෞඛ්‍ය ගැටලු අතර අස්ථි දිරායාම එනම් ඔස්ටියෝ පොරෝසිස් ,විශාදය , හමරැලි වැටීම, මූත්‍ර පද්ධතියේ රෝග විශේෂයෙන්ම මූත්‍ර මාර්ගය වියලි ගතිය ඇතිවීම සිට සංකීර්ණ රෝගී තත්ත්වයන් එසේම මෙම ආර්තවහරණය සමග බැදුනු රෝග ගනනාවක් ඇතිවෙන්න පුලුවන්
කෙසේවුවද අපේ කාන්තාවන් මෙවැනි රෝගී රෝගාබාධ පිලිබදව අවබෝධයක් නොමැති බවද එය මැදිවියේදී දක්නට ලැබෙන සාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකා කටයුතු කරන බවද ඔහු සදහන් කළේය;
අපේ කාන්තාවන් මෙය සාමන්‍ය දෙයක් ලෙස සිතමින් විවිධ ශාරීරික අපහසුතා විඳ ගනිමින් ජීවත් වෙනව අම්මටත් මෙහෙම තිබුන අක්කටත් මෙහෙම තිබුන ආදී අදහස් තියෙන්නෙ ඒත් එසේ සිදුකිරීම අවශ්‍ය නැහැ ඔවුන්ගේ සෞඛ්‍ය ගැටලුවේ ස්වභාවය අනුව ඊට විසදුම් ලබාගැනීමේ පහසුකම් තිබෙනව ආර්තවහරණ සංගමය හරහා මේ සදහා විසදුම් ලබාගන්න පුලුවන් “
මේ වනවිට ආර්තවහරණ සංගමය මෙවැනි කාන්තාවන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න සදහා මැදිහත්වීම් සිදුකරන බවත් සෞඛ්‍ය ගැටලුවේ ස්වභාවය අනුව අදාල සෞඛ්‍ය අංශ වෙත යොමු කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
වෛද්‍ය දර්ශන අබේගුණවර්ධන මහතා මේ බව සදහන් කළේ පෙරේදා ( 20) කොළඔ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
සටහන – ලක්ෂ්මි වික්‍රමසිංහ