හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(11) කොළඹ විජේරාම පාරේ පිහිටි නිල නිවසින් පිටත්ව ගියේය.
පෙර බලයේ සිටි ජනාධිපතිවරුන් සදහා ලබාදී තිබූ නිල නිවාස නැවත භාරදීම ඊයේ (10) දින සම්මතවූ පනතට අනුව ඔහුට මෙම නිල නිවාස වරප්රසාදය අහිමි විය.
මහින්ද රාජපක්ෂ මහතා නිල නිවසින් මෙන්ම කොළඹින්ද පිටත්වී යන බවත් තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසේ පදිංචිවීමට කටයුතු කරන බවද සදහන් කළේය.
කෙසේවුවද ඔහු දේශපාලනයෙන් ඉවත් නොවන බවද අවධාරණය කළේය.