මහනුවරට මහ සෙනගක්

ශ්‍රී දළදා වහන්සේ වන්දනාමාන කිරීම සදහා නැවත දැනුම් දෙන තුරු මහනුවර නගරයට නොපැමිනෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකමවරයා ජනතාවගෙන්ඉල්ලයි.

මේ වනවිට ලක්ෂ 04 කට අධික බැතිමතුන් සංඛ්‍යාවක් සිරි දළදා වන්දනා කිරීම සදහා මහනුවර නගරයට ඒකරාශි වී සිටින බව මාතලේ සහ මහනුවර භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා සදහන් කළේය.

මේ අතර දළදා වහන්සේ වන්දනාව සදහා කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ප්‍රවාහනයේ යෙදුන විශේෂ දුම්රිය සේවා ඊයේ (24) සිට නවතා දමා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.