බෙහෙත් නැතුව ලෙඩ හොද වෙන හැටි ඇමැති නලින්ද කියයි.

ඖෂධ මත පදනම්වූ සෞඛ්‍ය සේවාවක් වෙනුවට රෝග නිවාරණය කෙරේ වැඩි අවධානයක් යොමු කිරීම දැඩි අවශ්‍යතාවය බවත් ඒ සදහා ප්‍රජා සෞඛ්‍ය සේවාව ඉහළ දායකත්වයක් ලබා දෙන බවත්  සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවදාරණය කළේය.

රෝහල තුල මානව සම්පත සහ සෞඛ්‍ය සේවාවේ යටිතල පහසුකම් දියුණ කළ පමණින් සෞඛ්‍ය නිර්ණායකයන් වෙත ලගා වීමේ සීමා පවතින බවත් අත්‍යවශ්‍ය සාධකය වන්නේ රෝහල් ගතවීම අවම කිරීම මෙන්ම ප්‍රජාව අතර රෝග පැතිරීම වැලැක්වීම බවත් අමාත්‍යවරයා පැවසීය.

ජනතාව  තම ජීවිත රටාව තුල හිතකර නොවන  සෞඛ්‍ය පුරුදු වලට ඇබ්බැහි වී සිටින බවත් ප්‍රජා සෞඛ්‍ය සේවාව මගින් ජනතාව එම අහිතකර පුරුදු වලින් මුදා ගැනීම මෙන්ම යහපත් ජීවන රටාවක් වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

අද පවත්වනු ලබන පා ගමන මෙන්ම සුව සේවා ප්‍රදර්ශනය සහ සැණකෙළිය ප්‍රජා සෞඛ්‍ය සේවාවාව ඉහළට ඹසවා තබන යොධ පියවරක් බවද අමාත්‍යවරයා පැවසීය.

ඊයේ (07) කොළඹ විහාර මහදේවි උද්‍යානයේ පැවති ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මගින්  සංවිධානය කළ ප්‍රජා සුව දැක්ම 2025 ප්‍රජා සෞඛ්‍ය පිලිබද දැනුවත් කිරීම පා ගමන සහ සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනයට එක්වෙමින් ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේඛම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්ත හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අමල් හර්ෂද සිල්වා  ඇතුලු සෞඛ්‍ය අංශ නියෝජනය කරමින් විශාල පිරිසක් මේ සදහා සහභාගි වූහ.

helth-walk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *