මුඛ පිළිකාව හේතුවෙන් දිනකදී පුද්ගලයන් තිදෙනකු මරණයට පත්වන බවත් එමෙන්ම වසරක් තුල අප රටට අහිමිවන වටිනා මිනිස් ජීවිත ගනන 12,500 පමණ වන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ මහාචාර්ය හේමන්ත අමරසිංහ මහතා අවධාරණය කළේය.
මුඛ පිළිකාව ඇතිවීම සදහා ප්‍රබලම හේතුව බුලත් විට බවත් හුණු දුම්කොළ පමණක් නොව බුලත්විටේ ඇති පුවක්ද මුඛ පිළිකා ඇතිවීම සදහා ප්‍රබල හේතුවක් වන බවත් පුවක් යනු ඉහළ පිළිකා ජනක ද්‍රව්‍යයක් ලෙස හදුනාගෙන ඇති බවත් ඔහු සදහන් කළේය.
විවිධ නම් වලින් වෙළදපොලේ දක්නට ලැබෙන විට පැකට් ද විශාල ප්‍රමාණයකින් පිළිකා කාරක ද්‍රව්‍ය අඩංගු බව අනාවරණය වී ඇති බවත් මේ සදහා වැඩි වශයෙන් ඇබ්බැහිවී ඇත්තේ අපේ තරුණ ප්‍රජාව බවද ඔහු පැවසීය.
එසේම වැඩිහිටි වියේදී පිළිකාවට ගොදුරු වූ පුද්ගලයන් මෙන් නොව තරුණ පිළිකා රෝගීන් ඉක්මණින් මරණයට පත්වීමේ ප්‍රවණතාවයක් පවතින බවද මහාචාර්ය හේමන්ත අමරසිංහ මහතා අනාවරණය කළේය.
දුම්කොළ සහ මධ්‍යසාර වාර්ෂිකව අප රටේ මිනිස් ජීවිත 20,000 – 30,000 අතර ප්‍රමාණයක් බිලි ගන්නා බවත් මෙම මරණ පසුපස අප නොදකින භයානක සිතුවමක් ඇති බවත් දුම්කොළ සහ මධ්‍යසාර පිලිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා අවධාරණය කළේය.
“මෙම රෝගීන් හදිසි අනතුරකදී මෙන් එක්වර මිය යන්නේනැහැ , ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් රජය විශාල වැය බරක් දැරීමට සිදුවෙනව . ප්‍රතිකාර එනම් බෙහෙත් හේත් සහ රෝහල් ගතවීම් වෙනුවෙන්” “ මෙය ගනන් බැලුවොත් බිලියන 204 ක් විතර විශාල ධනස්කන්දයක්” . “ කිසිදු ප්‍රයෝජනයකින් තොරව දවා අළු කරනව මෙම මුදල් ප්‍රමාණය කෙතරම්ද කිවහොත් දක්ෂිණ අධිවේග 2ක් හදන මුදල් නැතිනම් මොරගහ කන්ද වැනි ජලාශ 03ක් හදන මුදල් “ යැයි ආනන්ද රත්නායක මහතා අනාවරණය කළේය .
ඊයේ (04) දුම රහිත දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය අවමකිරීමේ අරමුණින් වග කීමෙන් යුතුව මාධ්‍ය වාර්තාකරණය මැයෙන් මාධ්‍යවේදීන් සදහා පැවැත්වූ වැඩ මුළුවේදී ඔවුහු මේ බව පැවසූහ.