බිනර පොහොය අදයි.

ශ්‍රි ලාංකික බෞද්ධ ජනතාව මහත් භක්තියෙන් සමරන බිනර පොහොය අදයි(08).

මහා ප්‍රජාපතී දේවිය ඇතුලු 500 කාන්තා පිරිස බුදු සසුනේ පැවිදිවීම සදහා අවසර හිමිවීම බිනර පොහොය දින සිදුවූ සුවිශේෂ සිදුවීමයි.

තපස්සු බල්ලුක වෙළද දෙබෑයන් බුදුන්වහන්සේගේ කේශධාතු තැන්පත්කර හිරිගඩුසෑ චෛත්‍ය නිර්මාණය ආරම්භයද අද වැනි පොහොය දිනයක විශේෂාං අතරට අයත් වෙයි.

 එසේම මෙම පොහොය දිනය වස් සමයේ යෙදී තිබීමද සුවිශේෂත්වයකි.