භෙෘතිකව සහ අධ්‍යාත්මිකව අලුත්වීමේ අපේක්ෂාව සංකේතවත් කරන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමරන්නේ රටක් ලෙස ජයග්‍රහන රැසක් අත්පත්කර ගනිමින් බවත් යහපත් සහ අලුත් දේශයක් නිර්මාණය කරගැනීමේ සිහිනය වෙනුවෙන් අනවරත අරගලයක යෙදෙමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව අවුරුද්දටසුබ පැතුම් එක්කරමින් සදහන් කරයි.
ආගාධයට ඇද වැටී තිබූ අප දේශය ගෙවුනු මාස කිහිපය තුල නැවත ගොඩ නගමින් ආර්ථික සමාජීය සහ දේශපාලනික වශයෙන් නව තලයකට ඔසවා තැබීමට සමත්වූ බවත් එම සියලු ජයග්‍රහණ ජනතාව සතු වන අතර පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරනයේදී ඔවුන් අප කෙරේ තැබූ විශ්වාසය අප රට මෙවන් ඉසව්වකට කැදවාගෙන යාමට හැකිවූ බවත් ජනාධිපතිවරයා සදහන් කරයි.
මිනිසාත් සොබාදහමත් අතර පවත්නා භෙෘතික සහ ආධ්‍යාත්මක ගනුදෙනුවේ අපූර්වත්වය අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වලින් නිරූපනය වන බවත් ඒවා සිංහල සහ දෙමළ ජාතීන් අතර පැවති ඵෛතිහාසික සහජීවන පැවැත්ම පිළිබදව ජීවමාන සාක්ෂි බවත් ජනාධිපතිවරයා පවසයි.
වත්මන් සමාජයේ විවිධ බෙදීම් හේතුවෙන් ඉරිතලා ගොස් ඇති බවත් අලුත් අවුරුද්ද වැනි සමරුම් සජංස්කෘතීන් තුලින් යලි පෙන්වා දෙන්නේ එවන් භේද දුරලා එකමුතුකම සමගිය සහ සහජීවනය සුරකීම බවද ජනාධිපතිවරයා සටහන් කරයි.
සූර්ය සංක්‍රාන්තියට සමගාමීව සියලු සිරිත් විරිත් පොදු අපේක්ෂාව වන්නේ ජනජීවිතය අලුත් කර ගැනීම සහ පසුගාමී චින්තනයෙන් සහ ආකල්ප වලින් තොර අලුත් මිනිසෙකු නිර්මාණය කර ගැනීම බවද අලුත් අවුරුද්ද සැබවින්ම අපේ ජීවිත වලට නව ඇරඹුමක් වන්නේ අප එලෙස අලුත් වීම මගින් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව අවුරුදු සුබ පැතුම එක්කරමින් සදහන් කරයි.