පොසොන් දා මිහින්තලාව දහම් අමාවක් වෙයි.

බුදුන්වහන්සේගේ ශ්‍රීී සද්ධර්මය මෙරට ස්ථාපනය කෙරුණු උතුම් පොසොන් පොහොය අදයි(21).

ශ්‍රී ලාංකික සමාජයේ විශිෂ්ඨම සංධිස්ථානය ලෙස සැලකෙන අනුබුදු මිහිදු හිමියන් මෙරට වැඩමවීම අද දින දක්නට ලැබෙන සුවිශේෂ ශාසනික වටිනාකම ලෙස සැලකේ.

බුදු දහමේ ව්‍යාප්තියට සමගාමීව ලාංකිකයන් ශිෂ්ඨ සම්පන්න ජාතියක් ලෙස පත්වීම සදහා අඩිතාලම සකස්වීමද අද වැනි දිනක සිදුවිය.

ශ්‍රී ලාංකික බෙෘද්ධ ජනතාව එම සිදුවීම් මූලික කර ගනිමින් පොසොන් පොහොය දිනය ඉතා උත්කර්ශවත්ව සමරති.

බෞද්ධ අබෞද්ධ භේදයකින් තොරව සියලු ජනතාව දාන ශීල භාවනා වැනි ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් වල යෙදීම පෙසොන් දින සුවිශේෂ සිදුවීම් වන අතර මිහින්තලේ පුදබිම කේන්ද්‍ර කරගනිමින් විවිධ ආගමික වැඩසටහන් ගනනාවක් ක්‍රියාත්මක කෙරේ.

මෙවර පොසොන් පොහොය දිනය ‍ශ්‍රී ලාංකික ජනතාව වෙනදාටත් වඩා මහත් වූ බොදු බැතියෙන් කටයුතු කරනු දක්නට ලැබීමද බෞද්ධ පුනරුදයේ නව සංඥාවක් ලෙසද සැලකේ.