පොල් ගොඩ වැඩිවෙන පස් අවුරුදු සැලැස්මක් එයි.

ජාත්‍යන්තර වෙළදපොල තුල ශ්‍රී ලංකාව තරගකාරී පොල් අපනයනකරුවකු වීමට එක් මුරයකදී ගසකින් ලබාගන්නා ඵලදාව ගෙඩි 80 දක්වා ඉහළ යායුතු බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කළේය.

පොල් අපනයන වෙළදපොළ ජය ගැනීම සදහා පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාවට නංවා ඇති බවත් 2030 වර්සරේදී  එම ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාවට නංවා ඇති බවත් හෙතෙම සදහන් කළේය.

“අපි රජය පිහිටවීමට පෙර විද්වත් සංවිධාන අපවටා ගොඩ නැගුනා ඒ පිරිස් විවිධ ක්ෂේත්‍රවල වසර ගනනාවක අත්දැකීම් ඇති අය. ඒ විදවත් පිරිස් අදාල ක්ෂේත්‍රවලට අනුව ඒකරාශිකර රජයට අවශ්‍ය ඉදිරි ප්‍රතිපත්ති සකස්කලා. වැවිලි ක්ෂේත්‍රය යටතේ පොල් වගාවට අංශ 3ක් කෙරේ අවධානය යොමු වුනා. පරිභෝජනය, පොල් ආශ්‍රිත නිෂ්පාදන, අපනයනය ඒ අංශ තුන බලගැන්වෙන පරිදි අපි ප්‍රතිපත්ති සකස් කළා.

“යාපනයේ පොල් බීජ ගොවිපල පිහිටවීමද මෙහි විශාල ජයග්‍රහනයක් ජාත්‍යන්තර පොල් දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් සිලාවතුර, කොකිලායි, පේදුරුතුඩුව අක්කර 16,000 ආවරණය පරිදි උතුරේ පොල් ත්‍රිකෝණය ආරම්භ කළා පොල් නිෂ්පාදනය දියුනුකිරීමට අවශ්‍ය අනිකුත් වැඩපිලිවෙළ ආවරණය වන පරිදි සියලු කටයුතු මේ වනවිට ක්‍රියාවට නංවා අවසන් ”.

2030 වසරේ අපේක්ෂිත ඉලක්ක සපුරාගැනීමට රජය, පොල් වගාකරුවන්, දේශීය නිෂ්පාදකයින්, මෙන්ම ආපනයන කරුවන් ආදී සියලු පාරශවයන් එක්විය යුතු බවද හෙතෙම පැවසීය..

පෙරේදා (14) පොල් නිෂ්පාදකයින් අපනයනකරුවන් සහ වගාකරුවන් ඇගයීම සදහා ජාතික පොල් සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කළ පොල් සම්මාන උලේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ශ්‍රී ලංකාව පොල් අමුද්‍රව්‍යයක් ලෙස අපනයනය කිරීම හේතුවෙන් එහි අපේක්ෂිත ප්‍රතිලාභ අත්කර ගැනීමට නොහැකි බවත් ඒ මගින් විදේශ විනිමය ඉපැයීමේ සුවිශේෂ කොටස්කරුවන් වීමටනම් අගය එක්කළ නිෂ්පාදනයක් ලෙස පොල් අපනයන වෙළද පොල දියුණු විය යුතු බවත් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අභයසිංහ මහතා පැවසීය.

පොල් සම්මාන උළෙල සදහා පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ශාන්ත රණතුංග මහතා ඇතුලු විදවතුන් මෙන්ම ක්ෂේත්‍රයේ විවිධ පාර්ශව එක්ව සිටියහ.