පාලන මිල පාලනයක් නැතිවූ වෙළදුන්ට දඩ.

රජයේ පාලන මිල ඉක්මවා වැඩි මිලට සහල් සහල් අලෙවි කළ වෙළදුන් 170 කට අධිකණයේ නඩු පවරා ඇති බවටත් පාරිභෝගික අධිකාරිය විසින් රට පුරා ක්‍රියාත්මක කළ වැටලීම් මගින් මෙම කූඨ ව්‍යාපාරිකයන් කොටු කර ගැනීමට හැකිවූ බවත් එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එහිදී අදාල වෙළදුන් සදහා රුපියල් මිලියන 6.5 කට අධික දඩ මුදලක් අධිකරණය මගින් නියම කර ඇති බවත් පාරිභෝගික අධිකාරිය පවසයි.

අතිරේඛ කණ්ඩායම්ද යොදා ගනිමින් රටපුරා සිදුකරණ වැටලීම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඔවුන් සදහන් කරයි.