පාරිභෝගිකයන්ගේ ඇස් වසන්න හැදූ කූට වෙ‍ෙළන්දෝ පාරිභෝගික අධිකාරියේ විමර්ශන ඇසට.

උත්සවය සමය ඉලක්ක කර ගනිමින් වෙළද පොලට නිකුත්කිරීමට සූදානම් කළ කල් ඉකුත්වූ ආහාර ද්‍රව්‍ය විශාල තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් අද(01) සිය භාරයට ගෙන තිබේ.

නිෂ්පාදිත දිනය, කල් ඉකුවන දිනය ආදී තොරතුරු ව්‍යාජ ලෙස වෙනස්කරමින් පාරිභෝගිකයන් නොමග යවන ආකරයෙන් මෙම ආහාර ද්‍රව්‍ය තොග සූදානම් කර තිබී ඇත.

 ආහාර තොග අතර ආනයනික සහල්, කඩල සහ රට ඉදි ආදී දේ තිබූ බව පාරිභෝගික අධිකාරිය සදහන් කළේය.

එහි  වටිනාකම මෙතෙක් අනාවරණය කර නොමැති බව ද ඔවුන් කීය.

පාරිභෝගික අධිකාරියේ ගම්පහ ද්‍රිස්ත්‍රික්කයේ විමර්ශන නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *