පාප්වහන්සේ ස්වර්ගස්ත වෙයි.

ශූද්ධෝත්තම ෆැන්සිස් පාප්වහන්සේ අද(21) උදෑසන ස්වර්ගස්ත වූ බව වතිකානු රාජ්‍යය නිවේදනය කරයි.

මිය යනවිට උන් වහන්සේ 88 වියේ පසුවූහ.

පසුගියදා දැඩි ලෙස රෝගී වූ පාප්වහන්සේ නිරෝගී සුවය ලබා වැඩි කලක් ගත නොවූ අතර වෛද්‍ය උපදෙස් ද නොතකමින් ඊයේ (20) පාස්කු උත්සවයට  සහභාගි වූහ.

තම බැතිමතුන් ප්‍රීත්‍රියෙන් පසුවනු දැකීම උන්වහන්සේගේ අරමුණ වූ බව වතිකානු රජය සදහන් කරයි.

2001 වසරේදී දෙවන ජුවාන් පාවුලු පාප්වහන්සේ විසින් උන්වහන්සේ කාදිනල් ධූරයට පත් කරනු ලැබූ අතර ෆැන්සිස් පාප්වහන්සේගේ ගිහි නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ විණි

2013 පෙබරවාරි 18 දින උන්වහන්සේ පාෆ් ධූරයට පත්වූහ.