ශ්‍රී ලංකාවේ දී පවර් බෝටිං (power boat) ක්‍රීඩාවක් ලෙස ක්‍රියාත්මක කිරීම හා ඒ මගින් සංචාරක ආකර්ෂණය ඉහළ දැමීමත් සහ ඒ හා බැදුනු කර්මාන්ත නගා සිටවීමත් පෙර දැරි කරගනිමින් එහි ක්ෂේත්‍ර ප්‍රධානීන් සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අභයසිංහ මහතා එක්වූ හමුවක් පසුගිය දා සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැවිණි.
පවර් බෝටිං ක්‍රීඩාවක් ලෙස ව්‍යාප්ත කිරීමට සමගාමීව ඒ ආශ්රිත නිෂ්පාදන අප රට තුල සිදුකිරීම ඇති හැකියාව පිලිබදව සාකඡ්චා කිරීම මෙම හමුවේ මූලික අරමුණ වූ බවත් එය අප රටේ කර්මාන්තකරුවන් සමග බද්ධ කර ගැනීමේ හැකියාව පිලිබද අධ්‍යනය කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අභයසිංහ මහතා සදහන් කළේය.
එය කර්මාන්ත ක්ෂේත්රයේ මෙන්ම අපනයන අංශයේ ලබා දිය හැකි දායකත්වය පිලිබදව වඩාත් අවධානය යොමුකරන බවත් එහිදී කර්මාන්තයට අදාල නීතිමය තත්ත්වය ජාත්‍යන්තර පිලිගැනීම මෙන්ම බෝට්ටුවල ගුණාත්මක භාවය පිලිබදව
අවධානය යොමුකරන බවත් හෙතෙම පැවසීය පසුගිය දශකයක පමන කාලයක සිට ශ්‍රී ලංකා බලබෝට්ටු සංගමය හරහා පවර්
බෝටිං සම්බන්ධ උත්සව ,ව්‍යාපෘති ,වැඩසටහන් සංවිධානය වුවද ඒවා කෙරේ ජනතාවගේ අවධානය යොමු නොවිණි.
මෙම විශේෂ හමුව සදහා ජාතික බෝට්ටු සහ නැව් නිෂ්පාදකයන්ගේ වාණිජ මණ්ඩලය (CMISL) ලංකා බල බෝට්ටු සංගමය (Sri Lanka Powerboat Association) ජාත්‍යන්තර මෝටර් බෝට්ටු සංගම (UIM) නියෝජනය කරමින් එහි සාමාජිකයන් පිරිසක් ද එක්ව සිටියහ.
