“නෙතට සැනසීම බුදුරුව දැකීමයි “ ශ්‍රී දළදා ප්‍රදර්ශනය අදින් ඇරඹෙයි.

ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනය අද(18) මහත් උත්සව ශ්‍රීයෙන් මහනුවර දළදා මාළිගාවේදී ආරම්භ කෙරුණු අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භය සනිටුවහන් කෙරිණි

දළදා වහන්සේ ප්‍රදර්ශනය වසර දහසයකට (16) පසුව සිදුකිරීමේ සුවිශේෂ අවස්ථාව ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මග පෙන්වීම යටතේ සංවිධානය කෙරිණි.

මෙම විශේෂ අවස්ථාවේ විදේශ රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන් පිරිසක්ද දළදා වහන්සේ ප්‍රදර්ශනයට එක්වූ අතර ඔවුන් විශේෂ දුම්රියකින් නුවරට පැමිණීම සිදුවූහ

අද පස්වරු 03.00 සිට දළදාවහන්සේ ප්‍රදර්ශනය සැදැහැවත් වන්දනාකරුවන්ට විවෘත කෙරෙන අතර හෙට සිට දහවල් 12.00 සිට සවස 05 දක්වා වැදපුදා ගැනී මේ අවස්ථාව හිමිවෙයි. එසේම මෙම මස 27 වැනි දින දක්වා දළදා වහන්සේ ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතව ඇත.

එසේම දළාදා වහන්සේ වන්දනාව සදහා කිසිදු අවස්ථාවක ප්‍රභූවරුන් සදහා විශේෂිත පෝලිම් නොපැවත්වීමද සුවිශේෂත්වයකි.