නව රජය පළමුවරට ඇමති කුට්ටම අනයි

කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙතුගේ විෂය පථයන් වෙනස් කරමින් සහ නව නියෝජය අමාත්‍යවරු සිව් දෙනෙකු ඇතුලු නියෝජ්‍ය අමාත්‍යවරු දස දෙනෙකු පත්කරමින් ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු කැබිනට් සංශෝධනය අද (10) සිදුකෙරිණි.

මෙහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා අයත් ප්‍රවාහන මහමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යධූර වලින් වරාය සහ සිවිල් ගුවන් සේවා විෂය පථය වෙනස්වී ඇති අතර ඒ වෙනුවට නාගරික සංවර්ධන අමාත්‍යංශය ඔහුට හිමිවී තිබිණි.

ඒ අනුව බිමල් රත්නායක මහතා අද දින ප්‍රවාහන , මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබිණි.

මෙහිදී නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අනුර කරුණාතිලක මහතාගෙන් එම විෂය පථය වෙනස් කර ඇති ඇති අතර ඒ වෙනුවට ඔහුුට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යධූර හිමි විය.

 අනුර කරුණාතිලක මහතාගෙන් ගිලිහුනු නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය ධූරය ට නියෝජ්‍ය අමාත්‍යවරයකුවූ වෛද්‍ය එච්. එම්. සුසිල් රණසිංහ මහතා පත්කර ඇත.

ඒ අනුව වෛද්‍ය එච්. එම්. සුසිල් රණසිංහ මහතා නිවාස ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යවරයා ලෙස පත් කරණූ ලැබිණි .කෙසේවුවද මීට පෙර ජලසම්පාදන අමාත්‍යවරයෙක් පත්කර නොතිබිණි.

ඒ අතර ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අරවින්ද සෙනරත් මහතා දිවුරුම් දෙනු ලැබිණී.

අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලබූ අතර ඔහු මීට පෙර ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා විය.

ටී බී. සරත් මහතා නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය ඔහු මීට පෙර නිවාස නියෝජ්‍ය අමාත්‍යවරයා විය.

එම් එච් මොහොමඩ් මුතීර් මලාෆර් මහතා සංස්කෘතික කටයුතු ආගමික සංස්කෟතික නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබිණි ඔහු මීට පෙර ජාතික ඒකාබද්ධ නියෝජ්‍ය අමාත්‍යවරයා විය.

එරංග ගුනසේකර මහතාට හිමිව ඇත්තේ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධූරය වන අතර ඔහු මීට පෙර තරුණ කටයුතු  නියෝජ්‍ය ඇමැතිවරයා විය.

එසේම වෛද්‍ය හංසක විජයමුණි මහතා නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබූ අතර ඔහු මීට පෙර ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යධූරයද හෙඹ වීය.

ඒ අතර නවක නියෝජ්‍ය අමාත්‍යවරු සිව් දෙනෙක් පත් කෙරිණි .ඔවුහු තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස එච්. එම් දිනිදු සමන් කුමාරත්න මහතාත්, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියත් බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අර්කම් ඉල්යාස් මහතාත් ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස යූ. ඩී නිෂාන්ත ජයවීර මහතාත් පත්කර ඇත.