ඉතා වේගයෙන් දුමට ඇබ්බැහිවන පිරිස අතර නව යොවුන් වියේ දරුවන් ප්‍රධාන ස්ථානයේ පසුවන බවත් ඔවුන් දුම්කොළ සමාගම්වල උපක්‍රමයන්ට පහසුවෙන් හසුවීම මීට හේතුව බවත් රිජ්වේ ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිලිබද විශේඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා ප්‍රකාශ කළේය .
නව යොවුන්වියේ දරුවන් දුම් පානයට ඇබ්බැහි වීමෙන් දුම්කොළ සමාගම්වලට දීර්ඝ කාලීන පාරිභෝගිකයෙක් නිර්මාණය වන බවද එම උපක්‍රම වලින් දරුවන් බේරාගැනීම සදහා වගකිවයුතු පාර්ශවයන් අවධානයෙන් කටයුතු කළ යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.
2015 වසරේ සිදුකළ සමීක්ෂණයකට අනුව නව යොවුන් වියේ පාසල් දරුවන් අතරින් 5.7% ජීවිතයේ කුමන හෝ අවස්ථාවක දුම් පානය කර ඇති බවත් ඒ අතරින් 3.7% දුම්පානයට ඇබ්බැහි වී ඇති බවත් 3.1% දුම්වැටි භාවියේ පළමු අත්දැකීම ලබා ඇත්තේ අවුරුදු 12 අඩු ළමා වියේදී බවත් ඔහු සදහන් කළේය.
මැයි 31 දිනට යෙදුනු ලෝක දුම් කොළ විරෝධී දිනය වෙනුවෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විශේඥ වෛද්‍ය චන්දනද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය.
පාරිභෝගිකයා ඝාතනය සදහා නීත්‍යානුකූල අවසරය යටතේ අලෙවි කෙරෙන ලොව ඇති එකම භාණ්ඩය දුම්වැටිය බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ මනුජා පෙරේරා මහත්මිය ප්‍රකාශ කරයි .
දුම් පානය කරන සෑම පුද්ගලයන් දෙදෙනකු ගෙන් එක් අයෙක් දුම්පානය නිසා ඇතිවන සංකූලතා රෝගයකින් අකාලයේ ජීවිතයෙන් සමුගන්නා බවත් එසේවුවද දුම්වැටි අලෙවිය සදහා කිසිදු නීතිමය අවහිරයක් නොමැතිබවත් විශේඥ වෛද්‍යවරිය පෙන්වා දෙයි.
දුම් පානය හේතුවෙන් පෙනහළු පිළිකා අවධානම 23% කින් ඉහළ යන බවද සිගරට් දුමේ පිළිකා ජනක සංඝටක 70 ක් අඩංගු බවද වෛද්‍ය මනුජා පෙරේරා මහත්මිය සදහන් කරයි.
ඊට අමතරව ස්වසන පද්තිිිියට ඇතුලුවන විිසදුම රුධිර සංසරණ පද්ධතිය හරහා සෑම සෛලයක වෙතම ගමන් කරමින් ශරීරයේ ඕනැම ස්ථානයක රෝග ඇතිවීමෙි අවධානමට නතුකරගන්නා බවත් විශේෂඥ වෛද්‍යවරිය සදහන් කළාය.